Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 අයවැයට යෝජනා භාර ගැනේ.

Budget

ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය නොවැම්බර් මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ජනතා අදහස් ලබා ගැනීම දැන් ආරම්භ කර ඇති අතර ඊට යෝජනා ඉදිරිපත් වෙමින් පවතී. වෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ නියැලි පුද්ගලයන්ට සහ මහජනතාවට මේ සඳහා තව දුරටත් යෝජනා අදහස් ලබා දිය හැකි බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මෙම යෝජනා පහත සඳහන් ලිපිනයට හෝ  විද්‍යුත්  තැපෑලට ඔක්තෝබර් මස 12 වැනි දින හෝ එදිනට පෙර යොමු කළ යුතු බවද සඳහන් වේ.

අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය,මහ ලේකම් කාර්යාලය, කොළඹ – 01.

විද්යුත් තැපෑල – prasangika.hg@tipd.treasury.gov.lk

The post 2019 අයවැයට යෝජනා භාර ගැනේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();