2015 ජනවාරි 08 වෙනිදාට ඉස්සෙල්ලා දේශපාලඥයින්ගේ ආශිර්වාදය මැද පාතාලය මේ රටේ ව්‍යාප්ත කරපු කාලයක් තිබුණ බවත් ඒවා ඔක්කොම අනිවාර්යයෙන්ම නවත්තන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහනුවර අධිකරණයේ නීතිඥ සංගමය සමග මහනුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී තවදුරටත් මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය,
ප්‍රශ්නය – අද වන විට දේශපාලන සිරකරුවන් පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටිනවා. ඒ පිළිබදව අදහස මොකක් ද?
පිළිතුර – මේ රටේ දේශපාලන සිරකරුවන් නෑ කවුද එහෙම දේශපාලන සිරකරුවන් ඉන්නවැයි කියන්නේ කොහේද දේශපාලන සිරකරුවෝ ඉන්නේ දේශපාලන සිරකරුවෝ නෑ.උද්ඝෝෂණය කරලා තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගන්න සැකකරුවන් 2009 ඉදලා ඉන්න පිරිසක් ඉන්නවා ඒ අයගේ නඩු යනවා නඩු පටන් අර ගෙන තියෙනවා මේ නඩු කල්යාම සිදු වෙන්නේ ඒ අයට විතරක් නෙමෙයි.දැන් ඔයගොල්ලෝ දන්නවා නඩු ප්‍රමාදයක් මේ රටේ තියෙනවා .
ඉතිං මේ නඩු කටයුතු හැම එකක්ම කල්යමින් තමයි කෙරෙන්නේ. ඉතිං ඒක ගරු අධිකරණයේ අභිමතය අනුව නඩු කල්යාම සිදු වෙනවා නමුත් මේ සම්බන්ධ යෙන් ගරු නීතිපතිතුමාත් අපේ ගරු අගමැතිතුමාත් විපක්ෂ නායක සම්බන්ධ මැතිතුමාත් සුමන්දිරම් මන්ත්‍රිතුමාත් මමත් විශේෂ සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධයෙන් අපිට ගන් පුළුවන් ක්‍රියාමාර්ග බලලා අපි ඒ අයව දැනුවත් කරලා තියෙනවා .
කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට අර ගෙන ඒගොල්ලෝ විසින් වරද කළැයි කියලා භාර ගන්න කොටසක් සම්බන්ධවයි .මේ නඩු කටයුතු කෙරීගෙන යන්නේ .ඔබතුමාලා සන්තෝෂ වෙන්න එපැයි උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද හිරකාරයින්ටත් තියෙනවා .
ප්‍රශ්නය – මුදල් වංචාවක් පිළිබදව අමාත්‍යවරයෙකුට චෝදනා එල්ල වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා .
පිළිතුර – අපි නම් කියන්නේ තොරතුරු දැන ගැනීමේ පනත මේ ආණ්ඩුවට පිං සිද්ධ වෙන්න ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට පිං සිද්ධ වෙන්න ගයන්ත කරුණාතිලක මාධ්‍ය ඇමතිතුමා එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරලා තියෙනවා ඕනේ කෙනෙකුට ගිහින් කියන්න තොරතුරු මහ බැංකුවෙන් හරි කැමති තැනකින් දැන ගන්න කියලා අපිට ප්‍රශ්නයක් නැහැ.
ප්‍රශ්නය – පාතාලය අද වන විට ව්‍යාප්ත වෙලා කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා.එහෙම ව්‍යාප්ත වීමක් තියෙනවා ද
අපි ඒ අභියෝග භාර අර ගෙන පාතාලය මේ රටේ ව්‍යාප්ත කරපු කාලයක් තිබුණා 2015 ජනවාරි 08 වෙනිදාට ඉස්සෙල්ලා දේශපාලඥයින්ගේ ආශිර්වාදය මැද අපි ඒවා ඔක්කොම අනිවාර්යයෙන්ම නවත්තනවා යැයි ද අධිකරණ අමාත්‍යවරිය පැවසුවාය.
The post 2015 ජනවාරි 08 වැනිදාට පෙර දේශපාලඥයින්ගේ ආශිර්වාදයෙන් පාතාලය මේ රටේ ක්‍රියාත්මක වුණා – ඇමතිනිය කියයි. appeared first on Lanka News Column.


0 Comments