Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිස්මස් අයිලන්ඩ් සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය වසර 10කට පසු නිහඬව වසා දැමෙයි.

 Christmas_Island

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලින් ඕස්ට්‍රේලියාවට අනවසර බෝට්ටුවලින් පැමිණෙන සරණාගතයන් රඳවා තැබීම පිණිස එරට ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ඇරඹි කුප්‍රකට නත්තල් දූපත් හෙවත් ක්‍රිස්මස් අයිලන්ඩ් සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය  වසර 10 කට පසු, නිහඬව වසා දමා ඇතැයි වාර්තා වේ.

එය කෙවින් රඩ් ආණ්ඩුව මෙම මධ්‍යස්ථානය ඇරඹූ මුල් දිනයේ සිටමත්, හොවාර්ඩ් ආණ්ඩුව විසින් සරණාගතයන් 400 ක් දෙනා රැකවරණ පතන්නන් ලෙස අනුයුක්ත කරන ලද රැඳවුම් මධ්‍යස්ථානයකි. මෙහි වරෙක 3000 කට වඩා සරණාගතයන් පිරිසක් රඳවා සිටි අතර 2013 වසරේ සිට එය වසා දැමෙමින් තිබේ. එහි සරණාගතයන් රඳවා තබන කූඩාරම් 39 ක් පැවැති අතර බොහෝ විට ඒවා සරණාගතයන් ගෙන් පිරී පැවැතිණි. මෑත වසරවලදී එහි එවුණු ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන සරණාගතයන්ගේ ප්‍රතිශතය ඉතා පහත වැටී තිබිණි.

ක්‍රිස්මස් අයිලන්ඩ් සරණාගතයන් රඳවා තැබීමේ මධ්‍යස්ථානය කැරලි කෝලාහල, දූෂණය, ස්වයං ජීවිත හානි, සරණාගත මරණ හා දැඩි සිත් තැවුලට පත්වීම්, ඇතුළු බොහෝ කනගාටුදායක සිදුවීම්වලට පාදක වුණු බිමක් ලෙස ප්‍රකට ය. එය පර්ත් නගරයේ සිට කි. මි. 2600 ක්‌ තරම් වූ දුරක පිහිටි ඕස්‌ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතකි.

The post ක්‍රිස්මස් අයිලන්ඩ් සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය වසර 10කට පසු නිහඬව වසා දැමෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();