Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අති විශිෂ්ට සම්මානය කොළඹ විශාඛා විදුහලට

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සියලුම ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට පාසල ලෙස කොළඹ විශාඛා විදුහල සම්මාන දිනා ගනියි. විශාඛා විදුහල ලකුණු 145ක් ලබාගත් අතර දෙවැනි ස්ථානය දිනාගත් කොළඹ රාජකීය විදුහල ලකුණු 140ක්, තෙවැනි ස්ථානයට පත්වූ කොළඹ ආනන්ද විදුහල ලකුණු 75ක් ලබා ගත්තේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් සිදුවූ සමාප්ති උළෙලේදී සියලුම ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට පාසල ලෙස ලකුණු 55 බැගින් ලබා සිවුවැනි ස්ථානයට කොළඹ කාන්තා විදුහල, සාන්ත ජෝෂප් විදුහල පත්වූහ. පස්වැනි ස්ථානයට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 50), හයවැනි ස්ථානයට මහනුවර මහමායා විදුහල (ලකුණු 45), හත්වැනි ස්ථානයට ලකුණු 40 බැගින් ලබාගත් මහනුවර සිල්වෙස්තර, අම්බලන්ගොඩ ධර්මාශෝක, රුවන්වැල්ල රාජසිංහ විදුහල් පත්වූහ.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා අංශයෙන් මෙවර ඉතිහාසයේ වැඩිම නව තරග වාර්තා බිහිවෙමින් වාර්තා 46ක් සටහන්වීම කැපී පෙණුනි. දින 5ක් පුරා පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදී බාලක අංශයෙන් නව තරග වාර්තා 25ක් හා බාලිකා අංශයෙන් නව තරග වාර්තා 21ක් බිහිවිය.

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතා

දක්ෂතම මලල ක්‍රීඩකයා - පසිඳු කොඩිකාර කුරුණෑගල මලියදේව විදුහල (දක්ෂතාව - 20න් පහළ බාලක මීටර් 400 තත්. 47.54)

දක්ෂතම මලල ක්‍රීඩිකාව - ආර්. රන්දි කුරේ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල (දක්ෂතාව තුන් පිම්ම මීටර් 12.74)

පළාත් ශූරතා - 1. බස්නාහිර පළාත (ලකුණු 1440), 2. මධ්‍යම පළාත (ලකුණු 505), 3. වයඹ පළාත (ලකුණු 376), 3. දකුණු පළාත (ලකුණු 376), 4. සබරගමුව පළාත (ලකුණු 286), 5. උතුරු පළාත (ලකුණු 135), 6. උතුරු මැද පළාත (ලකුණු 115), 7. ඌව පළාත (ලකුණු 101), 7. නැඟෙනහිර පළාත (ලකුණු 28)

ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 187), 2. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 80)

ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව - 1. සාන්ත පීතර් විදුහල (ලකුණු 165), 2. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 88)

මිශ්‍ර පාසල් ශූරතාව - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 263), 2. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 71)

කනිෂ්ඨ බාලක ශූරතාව - 1. රාජකීය විදුහල (ලකුණු 37), 2. අම්බලන්ගොඩ විද්‍යාවර්ධන විදුහල (ලකුණු 20)

කනිෂ්ඨ බාලික ශූරතාව - 1. මියුසියස් විදුහල (ලකුණු 26), 2. ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 20)

ජ්‍යෙෂ්ඨ බාලක ශූරතාව - 1. සාන්ත පීතර් විදුහල (ලකුණු 138), 2. මීගමුව මාරිස්ටෙලා විදිහල (ලකුණු 76)

ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 141), 2. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 53)

12න් පහළ බාලක ශූරතාව - 1. කොළඹ රාජකීය විදුහල (ලකුණු 30), 2. කොළඹ කේරී විදුහල (ලකුණු 10), 2. නිවන්තක චේතිය විදුහල (ලකුණු 10), 2. අනුරාධපුරය අංගමුව ට්‍රැක් 07 (ලකුණු 10)

12න් පහළ බාලිකා ශූරතාව - 1. මියුසියස් විදුහල (ලකුණු 26), 2. හලාවත විජය කටුපොත මහා විදුහල (ලකුණු 17)

14න් පහළ බාලක ශූරතාව - 1. අම්බලන්ගොඩ විද්‍යාවර්ධන විදුහල (ලකුණු 20), 2. සාන්ත පීතර් විදුහල (ලකුණු 17)

14න් පහළ බාලිකා ශූරතාව - 1. නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 20), 2. බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය (ලකුණු 17)

16න් පහළ බාලක ශූරතාව - 1. සාන්ත පීතර් විදුහල (ලකුණු 74), 2. කොළඹ රාජකීය විදුහල (ලකුණු 33)

16න් පහළ බාලිකා ශූරතාව - 1. කොළඹ බිෂොප් විදුහල (ලකුණු 32), 2. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 25)

18න් පහළ බාලක ශූරතාව - 1. සාන්ත පීතර් විදුහල (ලකුණු 34), 2. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 33)

18න් පහළ බාලිකා ශූරතාව - වලල ඒ රත්නායක විදුහල (ලකුණු 73), 2. ගම්පහ සිරිකුරුස විදුහල (ලකුණු 35)

20න් පහළ බාලක ශූරතාව - 1. සාන්ත පීතර් විදුහල (ලකුණු 57), 2. මීගමුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 47)

20න් පහළ බාලිකා ශූරතාව - 1. වලල ඒ රත්නායක විදුහල (ලකුණු 95), 2. රත්නපුර සුමන බාලිකා විදුහල (ලකුණු 45)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();