Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2020 තෙක් තිලකාගේ සේවය දීර්ඝ වෙයි

වසර 9කට පසු ආසියානු නෙට්බෝල් කිරුළ ශ්‍රී ලංකාවට දිනාදීමට කටයුතු ජාතික නෙට්බෝල් පුහුණුකාරිනී තිලකා ජිනදාස මෙනවියගේ සේවය 2020 තෙක් දීර්ඝ කිරීමට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව 2020 වසරේ පැවැත්වීමට නියමිත මීලග ආසියානු නෙට්බෝල් ශූරතාවලිය වනතෙක් ජාතික නෙට්බෝල් පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මෙනවියගේ සේවය දීර්ඝ කිරීමේ ලිපිය ඊයේ පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී පිළිගන්වනු ලැබිණි.

නිමාවූ ආසියානු කුසලාන තරගාවලියත් සමග තිලකා ජිනදාස මෙනවියගේ සේවය අවසන් වීමට තිබිණි.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සාමාජිකාවන් සමග පැවැති හමුවකදී ක්‍රීඩා ඇමැතිවරයා වෙත පැවරී ඇති අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(1) වගන්තිය ප්‍රකාරව තිලකා ජිනදාස මෙනවියගේ 2020 වසර දක්වා සේවා දීර්ඝ කිරීමක් සිදු කර ඇයගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි. එමෙන්ම දැල්පන්දු සංගමයේ පුහුණු සැසි කාර්‍යක්ෂමව සිදු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත් ඇමැතිවරයා එම මොහොතේ පොරොන්දු විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();