Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාව ගැන විදෙස් ගත ප්‍රජාව ‍දැනුවත් කිරීමට ඒකාබද්ධයෙන් රැළි මාලාවක්.

JOINT_OPPOSITION_

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන රැළි මාලාවක් සඳහා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ලන්ඩන් නුවර බලා ඊයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ විදෙස් ගත ප්‍රජාව ‍දැනුවත් කිරීම මෙම රැළි මාලාවේ මුලික අභිප්‍රාය වී ඇති බවත පැවසේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නාමල් රාජපක්ෂ හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත්  මෙහි පළමු රැළිය ලන්ඩනයේ පැවැත් වීමට නියමිත බවත්, ඉන් අනතුරුව ස්වීඩනයේ දි තවත් රැළියක් සංවිධානය කර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කර තිබේ.

‍ස්වීඩනයේ පැවැත් වීමට නියමිත රැළිය සඳහා නොර්වේ හා ඩෙන්මාක්හි වෙසෙන ශ්‍රී ලාංකීක ජනතාව සහභාගී වෙනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

The post ලංකාව ගැන විදෙස් ගත ප්‍රජාව ‍දැනුවත් කිරීමට ඒකාබද්ධයෙන් රැළි මාලාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();