Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියා ශාන්තිකර කලාපීය ක්‍රීඩා පදක්කම් දිනයි

මැලේසියාවේ ෆිනෑන් අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති ආසියා-ශාන්තිකර කලාපීය ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එම්.කේ.පී.ජේ.එස්.එස්. පෙරේරා ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඔහු විසින් යගුලිය, කවපෙත්ත සහ හෙල්ල විසිකිරීම යන ඉසව්වලදී සමස්ත ලංකා පාසල්, අන්තර් විශ්ව විද්‍යාල හා මධ්‍යම පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ද දක්ෂතා දක්වමින් කුසලතා සහතික, ශුරතා සහ පදක්කම් විශාල ප්‍රමාණයක් දිනා ඇත.

මීට අමතරව, 2001 සිට මේ දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය ක්‍රීඩා තරගාවලියේදී යගුලිය, කවපෙත්ත සහ හෙල්ල විසිකිරීම ඉසව් වලදී මෙන්ම මේස පන්දු කණ්ඩායමද නියෝජනය කරමින් මේ වන විට රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් ද දිනා ගැනීමට සමත්ව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();