Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘ලයන්ස් ටොප් ස්පීඩ්’ 23 දා කටුකුරුන්දේ

ගීෂා මුණසිංහ

නවීනතම මෝටර් රථ දෙකක් හා නවීනතම යතුරුපැදි දෙකක් පසු පස හබා යන මෝටර් රථ රියදුරන්ගේ හා යතුරුපැදි ධාවකයන්ගේ බලාපොරොත්තුවේ සුවිශේෂී තරගාවලිය වන ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය මේ මස 23 වැනිදා කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් පථයේදී පැවැත්වේ.

‍මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ සුවිශාලතම ත්‍යාග පිරිනමමින් ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව හච් ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇති සංවිධාන කරන “හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්” මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ හයවන අදියර හා “ටාමැට්” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දෙවැනි අදියර ‘ලයන් ටොප් ස්පීඩ්’ තරගාවලියයි.

යතුරුපැදි තරග ඉසව් 11කින්, මෝටර් රථ තරග ඉසව් 12කින්, එස්.එම්.සුපර් මෝටාඩ් තරග ඉසව් 3කින් හා ෆෝඉඩ් ෆෝමියුලා මෝටර් රථ තරග ඉසව් 4කින් සමන්විත වසර් වැඩිම තරගකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන වැඩිම ඉසව් සංඛ්‍යාවකින් සමන්විත ‘ලයන් ටොප් ස්පීඩ් 2018’ තරගාවලිවයේ සංවිධානය දෙවැනි වරටත් 306 සී. සිංහ සමාජය විසින් උසුලයයි.

ෆොක්ස්හීල් සුපර්ක්‍රොස්, කලම්බෝ සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස් හා කමාන්ඩෝ චැලේන්ජ් යන ග්‍රැවල් තරගාවලි අවසන් වන විට අශාන් සිල්වා එස්.එල්./ජී.ටී.ශූරාතා මෝටර් රථ තරග ඉසව්වෙන් පෙරමුණ ගෙන සිටින අතර එම්.එක්ස්. මෝටර් ක්‍රොස් ශූරතා යතුරුපැදි ඉසව්වෙන් ප්‍රවීණ යතුරුපැදි ධාවක ගයාන් සඳරුවන් හා ධාවන ශූර බුද්ධික කසුන් සිල්වා පෙරමුණේ පසුවෙති.

එස්.එල්./ජී.ටී.3500 සී.සී. මෝටර් රථ තරග ඉසව් දෙකකින් එස්.එල්./එන්.හා එස්.එල්./ඊ. 1300සී.සී. ‍ෆෝඩ් /මැස්ඩා / මෝටර් රථ තරගඉසව් දෙකකින්, එස්.එල්./එස්.හා එස්.එල්.එන්. 1500සී.සී. ‍ෆෝඩ් /මැස්ඩා / මෝටර් රථ තරග ඉසව් දෙකකින්, එස්.එල්./එච්. 1618සී.සී. මෝටර් රථ තරග ඉසව්වකින්, මිනි 7 න් හා මිනි 1275 කාණ්ඩයේ මෝටර් රථ තරග ඉසව් දෙකකින් 1000සී.සී. නිසාන් මාච්, 1050 සී.සී එස්.එල්.එස්. මෝටර් රථ තරග ඉසව්වකින් හා සුභාරු ලෙහසී 2000සී.සී. තරග ඉසව්වක් ඇතුළු මෝටර් රථ තරග කාණ්ඩාය තරග ඉසව් 12කින් සමන්විතය.

කවාසාකී වන් මේක්, හොන්ඩා හෝර්නට් වන් මේක් හා එස්.එම්. සූපර් මෝටාඩ් තරග ඉසව් ඇතුළු යතුරුපැදි ඉසව් 11කින්ද තරගාවලිය සමන්විත වන අතර ෆෝඩ් ෆොමියුලා මැක්ලරන්ස් ඊ.එෆ්.අයි. හා කාබියුලේටර් යන ෆොඩ් ෆෝමියුලා මෝටර් රථ කාණ්ඩයේ තරග ඉසව් හතරකින්ද මෙවර ලයන්ස් ටොප් ස්පීඩ් තරගාවලිය සමන් විත වෙයි.

“හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්” තරගමාලාවේ අවසන් අදියරයන් ලෙස කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය හා මිරිගම කැන්වේ ‍ඔටෝඩෝම් සුපර් සීරීස් තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මස පැවැත්වීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();