සෞදි ආරාබියේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ඉස්රා අල්-ගොම්ගම් (Israa al-Ghomgham) ඇතුළු සමාජ සේවා ක්‍රියාකාරීන් පස් දෙනෙකුට මරණ දඬුවම් නියම කරන ලෙස නඩු විභාගයේ පැමිණිලි පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
මෙම ක්‍රියාකාරීන් පස් දෙනාගේ නඩු විභාග වූයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීමේ වරද යටතේ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන අතර ගැටලු පවතින කාතිෆ් පළාත තුළ පැවති “විරෝධතාවලට සහභාගී වීම” ඔවුන්ට එරෙහිව තිබූ එක් චෝදනාවක් බවත් පැවසේ.
එම විරෝධතා ගෙන ගොස් ඇත්තේ සෞදි අරාබියේ සුළුතරයක් වන ෂියා මුස්ලිම් ප්‍රජාව විසින බවත් සඳහන් වේ.
මානව අයිතීන් වෙනුවෙන් ක්‍රියාකිරීම නිසා බොහෝ විට මරණ දණ්ඩනයට ලක් වීමට ඉඩ තිබෙන ප්‍රථම කාන්තාව ඉස්රා අල්-ගොම්ගම් බව විශ්වාස කෙරෙන බව පැවසේ.
පැමිණිලි පාර්ශවය අධිකරණයෙන් සිදු කරන මෙම ඉල්ලීම මේ වන විට අරාබි රටවල සිරගත කර සිටින අනෙක් ක්‍රියාකාරිනියන්ට ඉතා භයානක පූර්වාදර්ශයක් සපයන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවා ඇතැයි සඳහන් වේ.
මැයි මස මුල සිට මේ දක්වා මානව හිමිකම් සහ කාන්තා අයිතීන් ක්‍රියාකාරිනියන් 13ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නියැලීම ඔවුනට එරෙහිව ඇති චෝදනා බවත් මේ අතරින් සමහර පුද්ගලයන් නිදහස් කර ඇතත්, අනෙක් අයගේ චෝදනා විභාග නොකර රඳවාගෙන සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
The post සමාජ සේවා ක්‍රියාකාරීන් පස් දෙනෙකුට මරණ දඬුවම්? appeared first on Lanka News Column.


0 Comments