Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැඳුම්කර වංචාව යටගහන්න සැලසුමක් තියෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ.

Mahindananda_Aluthgamage

බැඳුම්කර වංචාව යට ගැසීම සඳහා විශාල වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටී. ඔහු මෙලෙස ප්‍රකාශ කළේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එම සැලසුම අනුව විවිධ මාතෘකා දවසින් දවස නිර්මාණය කරමින් ජනතාවගේ අවධානය වෙනස් කිරීමට උත්සහ කරමින් සිටින බවත්  එල්ලුම්ගස, දුම්රිය වර්ජනය හා වැලිකඩ රැඳවියන්ගේ උද්ඝෝෂණය ආදී විවිධ මාතෘකා පසුගිය මාසය පුරාවටම තිබූ බවත් මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. එමෙන්ම බැඳුම්කර වංචාව යටගසමින් සිටින බවත් ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කළද ඉන් පලක් නොමැති වී ඇති බවත් රජ්‍ය ආයතන තුනක් පාඩු ලබා නඩු දැමීමට සූදානමින් සිටින බවත්  ඔහු පවසයි.

එමෙන්ම ගම්පෙරළිය වැඩසටහනෙන් සිදුවන්නේ රට පෙරළියක් බවත් අවසානයේ ආණ්ඩුවට ඉවත්වීමට සිදුවන බවත්  සඳහන් කර සිටින මන්ත්‍රීවරයා  අද වන විට රටේ ආර්ථිකය කඩා වැටී ඇති බවත් පසුගිය සතියේ රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් මහා භාණ්ඩාගාරය විසින් ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාව මඟින් රටේ 2018 වසරේ පළමු කාර්තුව තුළදී රටේ ප්‍රධාන සමාගම් රැසක මූල්‍ය තත්ත්වය 20% කින් කඩා වැටී ඇති බවට හෙළිදරව් වී ඇති බවත් පවසයි.

 

The post බැඳුම්කර වංචාව යටගහන්න සැලසුමක් තියෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();