Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ දී.. 

Private-Hospital
පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ දී සිදු කරන බව ‍සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කිරීමට නියමිත බව පැවසේ.
පෞද්ගලික රෝහල් මිල නියාමනය කිරීමේ අවසන් ලේඛණය කඩිනමින් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව අවසන් වාර්තාව ඉදිරි දෙදින තුල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදීමට නියමිත බවත් ඉන් පසු එම මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ඇති බවත් වාර්තා වේ.
ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ගාස්තු ඇතුලු විවිධ අයකිරීම් මෙහිදී නියාමනය කිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් වාර්ථා වේ.

The post පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ දී..  appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();