පසුගිය රාජපක්‍ෂ පාලන සමයේ රජයට අයත් ලිට්රෝ ගෑස් සමාගමෙන් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් ඇතුළු සිව් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ප‍්‍රථම නඩුව ලෙස විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නියමිතය.එහි ප්‍රථම නඩු විමසීම වන මෙය අගෝස්තු 24 වන දින ආරම්භ කිරීමට නියමිතය.
ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙහි නඩු විභාග කිරීමට නියමිතය.විශේෂ මහාධිකරණයේ අධිකාරී පත‍්‍රය කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන ලේඛාධිකාරී උපුල් නන්දන ට බාරදී ඇති අතර ඒ අනුව හෙට දින සිට මෙම අධිකරණයේ නඩු විභාග කිරීම සදහා නීතීමය අවසරය ඇති බවද සදහන් වේ.
The post විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩුව 24 දා කැදවේ. appeared first on Lanka News Column.


0 Comments