Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨා ඇතුළු හතරකට නොතීසි.

gotabhaya-rajapaksha

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුවු දුෂණ අක්‍රමිකතා  සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සිව්දෙනකුට එම කොමිසම විසින් නොතිසි නිකුත් කර ඇති බව සඳහන් වේ. ගෝඨාභය රාජපක්‍ෂට අමතරව කොමිසම මෙලෙස නොතිසි නිකුත් කර ඇත්තේ  විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන අයට බව පැවසේ.

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකිරීමේදී හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් එම ආයතනවල අධ්‍යක්‍ෂවරු සහ වගකිවයුතු නිලධාරීන් ලෙස කටයුතු කළ මෙම නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මෙලෙස ඔවුන්ට නොතිසි නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළැයි කියන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට ලබන 29 වැනිදාත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනට ලබන 24 වැනිදාත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික‍්‍රමසිංහට සහ එහි හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ලබන 23 වැනි දාත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටුවා ඇති මෙම කොමිසමේ විමර්ශන නිලධාරීන්  හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

The post ගෝඨා ඇතුළු හතරකට නොතීසි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();