Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති ඉම්රාන්ගෙන් ඉන්දියාවට ආරාධනාවක්

පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දියාවට ආරාධනාවක් කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවත්නා ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මෙසේ ආරාධනාකර ඇත. 
 
ට්විටර් පණිවුඩයක් මගින් මෙම ආරාධනාව සිදුකර ඇති පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ කාශ්මීර ගැටලුව පිළිබද විශේෂ අවධානය යොමුකළ යුතු බවයි. 
 
දරිද්‍රතාව පිටුදැකීම මෙන්ම දකුණු ආසියාවේ රටවල සහෝදරත්වය ගොඩනගාගැනීම ද මෙම සාකච්ඡාවේ තවත් අරමුණකි. දෙරට අතර ආරවුල් විසදීම සදහා ඉම්රාන් ඛාන් විසින් වෙළෙද ගිවිසුම් ඇති කර ගැනීමටත් යෝජනා කර තිබෙන බව ට්විටර් පණිවුඩයේ සදහන් ය.
 
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්තාන නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත්  කිරීමෙන් අනතුරුවයි ඉම්රාන් ඛාන් මෙලෙස නිවේදනය කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();