Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජිවන් මෙන්ඩිස්ගේ සුපිරි ඕවරයෙන් කොළඹ පිලට අනගි ජයක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේදී චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම හා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම අතර තරගය ඕවර් 20ක් තුලදී ලකුණු සමවී සුපිරි ඕවරයෙන් කොළඹ කණ්ඩායම ජය තහවුරු කර ගත්තේය.

කොළඹ පිලෙන් සුපිරි ඕවරය යැවිම ජීවන් මෙන්ඩිස්ට භාරවූ අතර එය සැබෑම සුපිරි ඕවරයක් බවට පත්වීම හේතුවෙන් මහනුවර පිලට ලබා ගත හැකිවූයේ කඩුලු දෙකක් දැවී ලකුණු 5ක් පමණි.

ලකුණු 6ක ඉලක්කයක් කොළඹ පිලට යොමුවූ අතර, මහනුවර පිල වෙනුවෙන් සුපිරි ඕවරය යැවූ මාලිංග තම සියලු අත්දැකීම් උපයෝගී කොට තවත් සුපිරි ඕවරයක් යවා කඩුල්ලක් දවාගෙන ලකුණු 5ක්දී නැවැත තරගය සම කළේය.

එහෙත් සුපිරි ඕවරයේදී කඩුලු දෙකක් මහනුවර බිද වැටී කඩුල්ලක් පමණක් කොළඹ පිලේ බිදවැටීමේ වාසිය අනුව කොළඹට ජය හිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ ඊයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 188ක් ලබාගත් අතර, මහනුවර පිල ද ඕවර් 20කදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා සම තත්ත්වයකට පත්විය.

කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග පන්දු 47කදී හයේ 7ක් හා හතරේ 2ක් සමග මහනුවර පිලට එරෙහිව ලකුණු 62ක් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පෙරේදා දිනයේ නොදැවී ලකුණු 124ක් ගාල්ල පිලට එරෙහිව උපුල් තරංග ලබා තිබුණි. ඔහු සමග එක්ව ඊයේ තරගයේ තෙවැනි කඩුල්ලට ලකුණු 60ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෂෙහාන් ජයසූරිය පන්දු 36කදී හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමග ලකුණු 63ක් ලැබීමද කැපී පෙනුණි.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ ළහිරු තිරිමාන්නගේ ඉනිම නිමා කිරීමට ෂෙහාන් ජයසූරිය සමත්වූ අතර තිරිමාන්න පන්දු 36කදී හයේ 2ක් හා හතරේ 5ක් සමග ලකුණු 50ක් ලබා සිටියදී ජයසූරියගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී ගියේය.

කොළඹ කණ්ඩායම ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 188

උපුල් තරංග 62, ෂෙහාන් ජයසූරිය 63, මහේල උඩවත්ත 15, චතුරංග ද සිල්වා 25 ( ළහිරු ගමගේ 43/2, චරිත් අසලංක 34/2)

මහනුවර කණ්ඩායම ඕවර් 20කදී කඩුලු 6කට ලකුණු 188

තීක්ෂල ද සිල්වා 27, ළහිරු තිරිමාන්න 50, දසුන් ශානක 30, භානුක රාජපක්ෂ 28, චරිත් අසලංක 22 (ෂෙහාන් ජයසූරිය 22/3, ජීවන් මෙන්ඩිස් 13/2)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();