එස්. ලොකුකරවිට - කරාපිටිය සමූහ
ගාල්ල දඩල්ල ඉදිවන නවීන පහසුකම්වලින් සපිරි ක්‍රිඩාංගණයේ වැඩ කටයුතු මේ වන විට සියයට 90කින් පමණ අවසන්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය සඳහන් කර සිටියි.
රුපියල් ලක්ෂ 2750ක මුල්‍ය ප්‍රතිපාදන මත 2012 වසරේ මුල් ගල තැබුව ද මුදල් නොමැති වීම හේතුවෙන් මෙම ක්‍රිඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා තිබිණ. නමුත් 2016 වසරේදී ක්‍රීඩා අමාත්‍යංශය විසින් මුදල් වෙන්කර ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ අතර මේ වන තෙක් එම ඉදිකිරීම් අඛණ්ඩව සිදු කරමින් පවතී. මීටර් 400ක ජාතික මට්ටමේ ධාවන පථයක්, මීටර් 25ක පිහිනුම් තටාකයක්, ගෘහස්ත ක්‍රීඩාගාරයක්, නවීන පහසුකම්වලින් සපිරි ශරීර සුවතා මධ්‍යස්ථානයක් හා වාහන නවතා තැබිය හැකි අංගනයකින් ද ක්‍රීඩාංගණය සමන්විත වෙයි. ඊටම වෙන්වු ජලාපවාහන පද්ධතියක්ද ක්‍රියාත්මකය.
මෙම ක්‍රීඩාංගණය වසර 18 කට පසු ගාල්ලට හිමි වන නවීන පහසුකම්වලින් සපිරි ක්‍රීඩාංගණයයි.
ක්‍රීඩාංගණය ඉදිවීමත් සමගින් ගාල්ල සහ ඒ අවට පාසල්වල ක්‍රිඩකයින් සඳහා මළල ක්‍රීඩා, පිහිනුම් හා පාපන්දු ක්‍රීඩාවල ඉහළ දස්කම් දැක්විමට අවශ්‍ය ඉඩකඩ විවර වන අතර කොළඹට නොගොස් ජාතික මට්ටමේ සියලු පුහුණුවීම් සිදු කිරීමට මෙමඟින් මහඟු අවස්ථාවක් සැලසෙන බව දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය සඳහන් කරයි. ක්‍රීඩා සමාජ වල පුහුණුවීම් සඳහා ද මෙහි පහසුකම් සපයා ඇත.
මේ වසර අවසන් විමට ප්‍රථම ක්‍රීඩාංගණය ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇති අතර මෙහි ඉදිකිරීම් මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ උපදෙස් පරිදි සිදු කරනු ලබයි.

0 Comments