ගීෂා මුණසිංහ
මේ වසරේ බොරළු ධාවන පථයේ 8 වැනි ජයග්‍රහණයට හිමිකම් කී අශාන් සිල්වා ගජබා සුපර් ක්‍රොස් තරග බිමේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන දිනාගැනීමට සමත්වෙයි.
සියැට් - ස්ලඩා තරගමාලාවේ බොරළු ධාවන පථයේ අවසන් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ලෙසත්, සමස්ත මෝටර් රථ හා යතුරුපැදි තරග මාලාවේහිම බොරළු ධාවන පථයේ අවසන් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ලෙසත් ගජබා සුපර්ක්‍රොස් 2018 තරගාවලිය පසුගියදා පැවැත්වූයේ අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදීය.
සුපිරි මෝටර් රථ පළමු තරගයේ මෙන්ම දෙවැනි තරගයේදීත් අශාන් සිල්වා සෙසු ක්‍රීඩකයන් අභිබවා යාමට සමත්විය. අශාන් පිටුපසින් සිටි සජාඩ් සුහෙයිර් හා කුෂාන් පීරිස් අතර දෙවැනි ස්ථානය වෙනුවෙන් සටනක් ඇති වු අතර තරග වට තුනක් නිම වීමට පෙර කුෂාන් දෙවැනි තැන අත්කර ගත්තේය.
සුපිරි මෝටර් රථ දෙවැනි තරගයේදී අශාන් පෙරමුණ ගනිද්දී කුෂාන් පීරිස් දෙවැනි ස්ථානය රැක ගත්තේය.
මේ අතර පසුගිය වසරේ තරගාවලියේ දක්ෂතම යතුරුපැදි ධාවකයාගේ සම්මානය දිනාගත් ජාක් ගුණවර්ධනගේ කිරුළ අත්කර ගැනීමට මෙවර සමත්වූයේ ඉෂාන් දසනායකය. ඔහු එම්.එස්.කාණ්ඩයේ සුපිරි යතුරුපැදි තරග ඉසව් දෙකම ජයගත්තේ කිසිදු අභියෝගයකින් තොරවය. පළමු තරගයෙන් ජේ.එම්. හර්ෂා (ජපානය) දෙවැන්නා වු අතර බුද්ධික කසුන් සිල්වා තෙවැන්නා විය. දෙවැනි තරගයෙන්ද ඉෂාන් ජයගත් අතර බුද්ධික කසුන් දෙවැන්නා විය.
මෙවර තරගාවලියේ ආනන්ද වෙඩිසිංහ අනුස්මරණීය කුසලානය ඉමල් මංචනායක විසින් හිමිකරගත් අතර එන්.කේ. ඉමාෂ විසින් ලාබාලම ධාවකයාට හිමි ගජබා කුසලානය දිනා ගනු ලැබීය.
මෝටර් රථ තරග ඉසව් 10කින් හා යතුරුපැදි තරග ඉසව් 12කින් සමන්විත වු 2018 ගජබා සුපර්ක්‍රොස් තරගාවලියේ එස්.එල්.ඊ. කාණ්ඩයේ නිසාන් මාච් තරග ඉසව්වේදී ප්‍රසාද ලකුණු සටහනේ සම ලකුණු ලබා සිටි දෙවියන් සේරසිංහ හා මිහාන් පිරීස් අතර කදිම සටනක් දැක ගත හැකි විය. .
මල්ලික කුරුවිටආරච්චි එස්.එල්.එච්.කාණ්ඩයේ සුභාරු ලෙගසී තරගයෙන් ජය වාර්තා කළත් නීති විරෝධී තරග ආරම්භය නිසා ඔහුට හිමිවුයේ තෙවැනි ස්ථානයයි. එහි පළමු තැන නවීන් හල්වතුරට හිමිවිය.
ඉෂාන් දසනායක ශූරතා තරග ඉසව් 2කට අමතරව එම්.එක්ස්. රේසිං කාණ්ඩයේ තරග ඉසව්වෙන්ද ජයගත්තේය.
මෝටර් රථ තරග ප්‍රතිපල
නිසාන් මාච් තරගය
1. තරංග සේනාරත්න
2. මිහාන් පිරීස්
3. දේවියන් සේරසිංහ
එස්.එල්. - එන්.නවීකරණය නොකරන ලද ෆොඩ් ලේසර් / මැස්ඩා
1.රොමේෂ් ගුණවර්ධන
2.තාරුක රත්නායක
3.අකිල ද කොස්තා
එස්.එල්. - එස්. 1500සී.සී.
1.ගිහාන් ධීරසේකර
2.ෂෙහාරා ජයවර්ධන
3.ප්‍රභාත් සේනානායක
සුපිරි මෝටර් රථ (පළමු තරගය)
1.අශාන් සිල්වා
2.කුෂාන් පිරීස්
3.සජාඩ් සූහයිර්
එස්.එල්.එච්.1618සී.සී.
1.රන්දික නිරෝෂ්
2.කුෂාන් පිරීස්
3.ජනක ඩයස්
එස්.එල්. - ඊ. නවීකරණය නොකරන ලද ෆොඩ් ලේසර් / මැස්ඩා
1.දෙවියන් සේරසිංහ
2.මිහාන් පිරීස්
3.අමිල කරගම්පිටිය
සුපිරි මෝටර් රථ (දෙවැනි තරගය)
1.අශාන් සිල්වා
2.කුෂාන් පිරීස්
3.උෂාන් පෙරේරා
එස්.එල්.එච්.සුභාරු ලෙගසී
1.නවීන් හල්වතුර
2.ශීරාන් ඩොල්
3.මල්ලිකා කුරුවිටආරච්චි
එස්.එල්. එන්. ෆොඩ් ලේසර් / මැස්ඩා
1.කුෂාන් පිරීස්
2.රන්දික නිරෝෂ්
3.තරිඳු ධර්මරත්න
ට්‍රැක් හා ජීප්රථ තරගය
1.බුද්ධික රුක්ලන්ත
2.ඩබ්ලිව්. පියරත්න
3.චමෝද් සමරකෝන්
යතුරුපැදි තරග ප්‍රතිපල
එම්.එක්ස්. රේසිං තරගය
1.ඉෂාන් දසනායක
2.ලහිරු ජීවන්ත
3.සමීර ප්‍රේමරත්න
ජේ. කාණ්ඩය එම්. එක්ස්. 50 (2ටී.) අවුරුදු 7 – 10 අතර
1.පී.වයි.කේ. සමාද ඉඳුවර
2.දිනේත් මිහිරංග
3.රසිඳු මුතුමාල
සුපර් මෝටාඩ් (පළමු තරගය)
1.ඉමල් මන්චනායක
2.බුද්ධික දිනේෂ්
3.සචිර රාජකරුණා
එම්. කාණ්ඩයේ
එස්.ටී.ඩී/එම්.ඕ.ඩී. පළමු තරගය
1.සානුක ජයනා සඳරුවන්
2.ළහිරු ජීවන්ත
3.ඉවෝන් බියාජී ගුරුසිංහ
ජේ. කාණ්ඩය එම්. එක්ස්. 50.අවුරුදු 7 -10අතර
1.එන්.කේ. ඉමාෂ
2.හිමාෂ පාදුක්ක
3.දිනෙත් මිහිරංග
එම්. කාණ්ඩයේ එස්.ටී.ඩී/එම්.ඕ.ඩී. 125 සී.සී.(2ටී.)
1.අෂේන් ශෙහාර
2.නිහාල් විජේරත්න
3.නිලංක මාවල
සුපිරි යතුරුපැදි පළමු තරගය
1.ඉෂාන් දසනායක
2.ජේ.එම්. හර්ෂා (ජපානය)
3.බුද්ධික කසුන් සිල්වා
ජේ. කාණ්ඩය -12න් පහළ
1.ඉරෝෂ සුමණසේකර
2.රෂ්මි කරුණාරත්න
3.හිරුෂ පාදුක්ක
එම්. කාණ්ඩයේ එස්.ටී.ඩී/එම්.ඕ.ඩී. දෙවැනි තරගය
1.සානුක ජයනා සඳරුවන්
2.ළහිරු ජීවන්ත
3.මදුර පීරිස්
සුපර් මෝටාඩ් (දෙවැනි තරගය)
1.ඉමල් මන්චනායක
2.දේෂාන් සොලංකී
3.බුද්ධික දිනේෂ්
ජේ. කාණ්ඩය 15න් පහළ
1.ඩී.එම්.ඩී.කල්හාර
2.කේසර ගොඩගේ
3.ස්ටෙෆාන් ප්‍රනාන්දු
සුපිරි යතුරුපැදි දෙවැනි තරගය
1.ඉෂාන් දසනායක
2.බුද්ධික කසුන් සිල්වා
3.ගයාන් සඳරුවන්
ඡායාරූප - රුක්මාල් ගමගේ

0 Comments