දිවයින පුරා දුම්වැටි අලෙවිය නතර කළ නගර 100 ක් පමණ තිබෙන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මීළග සංවත්සරය වන විට එම නගර සංඛ්‍යාව 200 දක්වා වැඩිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 83 වන වාර්ෂික සැසිවාරය සඳහා එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“දුම්වැටි සහ දුම්කොළ පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම විවිධ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. එම ක්‍රියාමාර්ග වලට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විශාල සහයෝගයක් ලබාදෙනවා. මගේ ප්‍රතිපත්තිය තමයි ජනතාව දුම් බීමෙන් තුරන් කිරීම. එම ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දක්වන සහයෝගය අගය කළ යුතුයි. දුම්වැටි අලෙවිය ප්‍රවර්ධනය කරන්න එපා. ඇතැම් නගර වල මතින් සහ දුමෙන් තොර නගරයක් කියලා දැන්වීම් ප්‍රදර්ශණය කර තිබෙනවා. එවැනි තත්ත්වයන් නිර්මාණය කිරීමට කැප වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. දිවයින පුරා දුම්වැටි අලෙවිය නතර කළ නගර 100 ක් පමණ තිබෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මීලග සංවත්සරය වන විට එම නගර සංඛ්‍යාව 200 දක්වා වැඩිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. නව ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්වැටි බිලියනයක් අලෙවි වීම අඩු වී ඇතැයි දුම්කොළ සමාගමේ වාර්තා සදහන් කරනවා. මෙම ක්‍රියාමාර්ගය ලෝක සෞඛ්‍ය සංවිධානය ද අගය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ විරෝධී ප්‍රඥප්තියට අනුව එවැනි ක්‍රියාමාර්ග ගත් එකම රට ශ්‍රී ලංකාවයි. ඇතැමුන් අහනවා යහ පාලනය සැප ද කියා. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් කළ සේවය සැපයි. හැබැයි හිටපු ජනාධිපතිවරයාට නම් සැප නැති වෙයි. රෝහල්වල ස්ටෙන්ස්, අක්ෂි කාච නොමැති වුවහොත් මාධ්‍ය තුලින් පළ වෙනවා. නොමිලේ රෝගීන්ට ලබාදීම පිළිබදව කථා කරන්නේ නැහැ. අපේ රටේ මාධ්‍ය එහෙමයි. රෝගීන්ට ලබාදෙන අක්ෂි කාච, ස්ටෙන්ස් බාල වර්ගයේ ඒවා ආනයනය කරන්නේ නැහැ. ඇමරිකාවෙන් තමයි ආනයනය කරන්නේ. මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කළා. නමුත් එය පරාජයට පත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එක වෘත්තීය සමිතියක් හැර අනෙකුත් සියලුම වෘත්තීය සමිති සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සහයෝගය දක්වනවා. සාකච්ඡා මාර්ගයෙන් ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වසර එකහමාරක පුහුණූ කාලය වසර 02 දක්වා වැඩි කරනවා. රුහුණු විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව ඔබලා වෙනුවෙන් උපාධි පීඨයක් ආරම්භ කරනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට යතුරු පැදි 750 ක් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනවා. ඔබගේ සේවාවේ නියුතු නිලධාරින්ගේ සංඛ්‍යාව 5000 දක්වා වැඩි කරමින් අභිමානවත් සේවාවක් ඇති කිරීමට කටයුතු කරනවා” යැයි පවසීය.
The post සෞඛ්‍ය ඇමතිගේ අලුත්ම බලාපොරොත්තුව. appeared first on Lanka News Column.
0 Comments