Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යහපාලන රජයේ අසාධාරණකම් ගැන නාමල් කතා කරයි.

Namal_Rajapakshe

යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව සමාජයේ විවිධ කොටස් විවිධ අසාධාරණවලට ලක් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටී. ඔහු ඒ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසනයේ, තරුණ සමුළුව අමතමිනි. එම සමුළුව ඊයේ ගිනිගත්හේන සමුපාකාර ශාලාවේදි පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියා සිටියේ මේ රටේ ආගමික නායකයින්, වැඩ කරන ජනතාව, ධීවරයා, වතු කම්කරුවන් සහ තරුණයින් මෙම අසාධාරණයට ලක් කර  ඇති බවයි. එමෙන්ම අද රට තුළ පාතාලය රජ කරන බවත්, ඉල්ලීම් ලබා ගැනීම සඳහා පෙළපාලියේ යෙදෙන තරුණයන්ට සහ විශ්ව විද්‍යාල සිසුන්ට පොලීසියෙන් පහර දෙන යුගයක් නිර්මාණය වී ඇති බවත් පැවසීය.

 

The post යහපාලන රජයේ අසාධාරණකම් ගැන නාමල් කතා කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();