Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදෙස් මුදල් තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට.

woman-arrest

රුපියල් ලක්ෂ දහතුනක් පමණ වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් පිටතට රැගෙනයාමට උත්සහ කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

සැකකරුවන් ගුවන් තොටුපල තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින් වන බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විපුල මිනුවම්පිටිය සඳහන් කර ඇත. එමෙන්ම  සැකකරුවන් සතුව කුවේට් ඩිනාර්, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන්, යුරෝ, කටාර් රියාල්, බහරේන් ඩිනාර් ඇතුළු  විදෙස් මුදල් තොගයක් තිබූ බවත් පැවසේ.

මීට අමතරව ඔවුන් රුපියල්  තිස්දහසක් පමණ වටිනා විදෙස් මත්පැන් බෝතල් 30ක් ද රැගෙනවිත් ඇති බවත්,  සැකකරුවන්ට දඩ නියම කර මුදල් සහ මත්පැන් තොඟය රාජසන්තක කළ බවත් රේගුව ප්‍රකාශ කර ඇත.

The post විදෙස් මුදල් තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();