Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්ටැන්ලේක් පාකිස්තානු පිල දණ ගස්වයි

පාකිස්තානු පිලේ මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනකුම අඩු ලකුණු සංඛ්‍යාවකට ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ බිලී ස්ටැන්ලේක් සිම්බාබ්වේ හි පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ඔස්ට්‍රේලියාවට අත්කර දුන්නේය.

හරාරේ නුවර පැවැත්වෙන මේ තුන්කොන් තරගාවලියේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු පිල ඕවර 19.5කදී ලකුණු 116කට දැවීයාමෙන් පසුව ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ ඕවර 10.5කදී එක් කඩුල්ලක් පමණක් දැවීයාමෙන් පසුවය.

සිය ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ ස්ටැන්ලේක් ලකුණු 8කට බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 4කි. පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරු මොහොමඩ් හාෆීස් ලකුණු ලැබීමටත් පෙර ස්ටැන්ලේක් යැවූ තරගයේ පළමු ඕවරයේ තුන්වැනි පන්දුවෙන්ම දැවී ගිය අතර තුන්වැනි ඕවරයේදී හුසේන් තලාක් දැවී ගියේ ලකුණු 10කටය. අනතුරුව පස්වැනි ඕවරය යවමින් ෆකාර් සමාන් ලකුණු 6කට දවාලූ ස්ටැන්ලේක් නායක සර්ෆ්‍රාස් අහමඩ් ලකුණු 4කට දවාලමින් සිවුවැනි කඩුල්ලට හිමිකම් කීවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගිය නායක ආරොන් ෆින්ච් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 68කි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();