කොළඹ දිස්ත්‍රික් සංචාරක
මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ ලකුණු 7-52ක දැවැන්ත ජයක් හිමි කර ගත් තර්ස්ටන් විද්‍යාලය මයිලෝ අගමැති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්විය. තර්ස්ටන් විදුහල් පිල ගෝල් 6ක් සහ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර ශ්‍රී සුමංගල විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් පමණි.
කොළඹ තුරඟ තරග පිටියේ දී පෙරේදා නිමාවට පත්වූ මේ තරගයේ ආරම්භයේ සිට දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කළ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩකයන් ප්‍රතිවාදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරන්නට විය. එම පීඩනයට සාර්ථකව මුහුණ දෙන්නට අපොහොසත් වූ ශ්‍රී සුමංගල ක්‍රීඩකයන් පළමු භාගය පුරාවට ප්‍රදර්ශනය කරනු ලැබුවේ දැඩි පසුගාමී ක්‍රීඩා විලාශයකි.
ශ්‍රී සුමංගල ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාශයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් තර්ස්ටන් ක්‍රීඩකයන් තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ දී අඛණ්ඩව උත්සාහක දිනුම් 5ක් වාර්තා කර ගනිමින්, ඉන් 3ක් ප්‍රවර්තනය කර ගනිමින් තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් විය. තරගයේ පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 31-7කින් තර්ස්ටන් පිල පෙරමුණට තබමිනි.
දෙවැනි භාගයේ ආරම්භයේ දී පන්දුව ඔවුන් සතුව රඳවා ගනිමින් ශ්‍රී සුමංගල ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට උත්සාහ දැරූ අතර අනෙක් පසින් තර්ස්ටන් විද්‍යාලය ඉක්මන් අවස්ථාවන් හරහා ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කරන්නට විය.
කෙසේ නමුත් ඉන් අනතුරුව නැවතත් ශ්‍රී සුමංගල ක්‍රීඩකයන්ගේ දුර්වලතා හමුවේ ක්‍රියාත්මක වූ තර්ස්ටන් ක්‍රීඩකයන් අඛණ්ඩව තවත් උත්සාහක දිනුම් 3ක් වාර්තා කර ගනු ලැබුවේ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් තරගයේ ජයග්‍රහණ බලාපොරොත්තු ඈතට රැගෙන යමිනි. ඒ උත්සාහක දිනුම් 3ම ගෝල බවට පත්විය. තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම උත්සාහක දිනුම් වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුණත් ඒවා සාර්ථක කර ගැනීමට දෙපිලේහිම ක්‍රීඩකයන් සමත් වූයේ නැත. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ උත්සාහක දිනුම් 2ක් තැබූ තර්ස්ටන් විදුහල් පිලේ මොහොමඩ් සකාෆ්ටය.

0 Comments