තමන් තවදුරටත් ජනාධිපති උපදේශන තනතුරේ කටයුතු නොකරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කර සිටී.
ඒ පිළිබඳ අදහස් දැක්වූ රත්න හිමියන්,
“පක්ෂ වෙන වෙනම පාලනය කරනවා. දැන් ජාතික ආණ්ඩුවක් කියලා පක්ෂ දෙකම එකතු වෙලා හොරකම් කරනවා. මීට වැඩිය තවත් අත්දැකීමක් අපට අවශ්‍යයයි. ඊළඟට මට තනතුරක් තියෙනවා මගේ නමට උඩින්. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කියලා.. මගෙන් ගත්ත උපදේශයක් නැහැ. කරපුවත් ආපස්සට හරවලා තියෙන්නේ. ඒ නිසා ඔය ජනාධිපති උපදේශකකමට මින් පස්සේ මගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා මං කියනවා. මට ලැජ්ජයි ජනාධිපති උපදේශකකමක් තියෙනවා කියලා කියන්න. මේ විහාරමහාදේවී උද්‍යානයේ ගස්වල කොළවලටත් වැඩිය අපේ රටේ පාලකයෝ වරින්වර ණය වෙලා තියෙනවා. කොච්චර ණය වෙලාද කියනවා නම් දළ ජාතික නිෂ්පාදනයෙන් ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන ඒවායින් සියයට 70ක් අපට ණය ගෙවන තත්ත්වයට පත්වෙලා තියෙනවා. කරුණාකරලා ඔය කැබින්ට් එක විසුරුවා හරින එක හොඳයි.. ඕකෙන් කරන්නේ රට විකුණන එක.” යැයි අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරයි.
The post රතන හිමි ජනාධිපති උපදේශක තනතුර අත්හරී. appeared first on Lanka News Column.
0 Comments