Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රීඩා ඇමැතිගේ උපන් දිනය අදයි

ක්‍රීඩා, පළාත් සභා, පළාත් පාලන ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාෆා මහතාගේ 49 වන ඡන්ම දිනය යෙදී ඇති අද දින කොළඹ හා ඒ අවට ව්‍යාපෘති රුසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ‘අපේ දරුවෝ’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය, අවිස්සාවේල්ල - තුන්තාන ජයසුන්දරාරාම විහාරස්ථානයේදී අක්ෂි සායනය සහ ඇස් කණ්නාඩි බෙදා දීම, උතුරු කොළඹ ප්‍රදීපා ශාලාවේදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා සෙවිලි තහඩු බෙදා දීම හා වියළි සළාක බෙදා දීම, දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ශාලාවේදී අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පොත් ප්‍රදානය කිරීම, මරදාන සීමන්ස් පාර අසල ඉදිකළ ආයුරුවේද බෙහෙත් ශාලාව විවෘත කිරීම හා පින්තුපිටියේදී ස්වයං රැකියා සඳහා උපකරණ බෙදා දීම ක්‍රීඩා ඇමැතිවරයා අතින් සිදු කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();