“ මේ දවස් වල කතා වෙන මාතෘකාවක් තමයි රාජපක්ෂ මහත්තයාට චීන සමාගමකින් ඩොලර් මිලියන 7.6 ක් දුන්නා කියන එක මැතිවරණ කාලයේදී. ඒ ප්‍රමාණය විශාල මුදලක්. එහෙම නම් ඇයි මේ මුදල් චීන සමාගම විසින් රාජපක්ෂ මහත්තයාට දෙන්නේ. අපිට එහෙම මුදල් හම්බ වුණේ නෑ. එදා සුද්දගේ අධිරාජ්‍යවාදයට යටත් වෙලා තිබුණ අපේ රට අද චීනයේ අධිරාජ්‍යවාදයට යටත් වෙලා ද? කියලා අහන්න කැමතියි. නමුත් අපි රාජපක්ෂ මහත්තයාට කිසිම අහිතකර දෙයක් වෙන්න කියලා කියන්නේ නෑ. එතුමා මේ රටේ නායකයෙක් හැටියට මේ රටට වැඩක් කළා. යුද්ධය අවසන් කළා. නමුත් මම එතුමාට කියනවා රාජපක්ෂ මැතිතුමනි, දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් හම්බ වුණේ නෑ කියලා. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ ආකාරයට මුදල් ලැබුණේ නෑ කියලා. යයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක කියා සිටියි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වලපනේ ආසනයේ රාගල ප්‍රදේශයේ පැවතිජන හමුවක් අමතමිනි. එහෙදි තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
මේ දවස් වල පොහොට්ටුවේ තියෙන තරගය මොකක්ද කියලා බුද්ධිමත් ජනතාව විදිහට තමුන්නාන්සේලා දන්නවා. මේ දවස් වල තියෙන තරගය තමයි සහෝදරයෝ අතර තියෙන තරගය. සහෝදරයෝ තීරණය කරනවා කවුද ජනාධිපතිවරණයට එන්නේ කියලා. බැසිල්ද ගෝඨාද චමල්ද ? ඊට අමතරව නෝනා ද? නෝනත් ඉන්නවා රේස් එකේ. මොකද අපි දන්නවා රාජපක්ෂ වටා එකතු වෙලා තියෙන ඡන්ද ටික එතුමා කිසිසේත්ම පවුලෙන් පිටට දෙන්නේ නෑ. මොකද පුංචි පුතාව රජ පුටුවේ තියන්න ඕන නිසා. අපි මේ ගෝත්‍රවාදී දේශපාලනයෙන් මිදෙන්න ඕනේ. බය වෙන්න එපා අපි නියම වෙලාවට අපේ අපේක්ෂකයා නම් කරනවා. අපිට දිනන්න පුළුවන් ජොකියෝ ඉන්නවා. කන්ද උඩරටිනුත් ජොකියෝ ඉන්නවා කියන එක මම කියන්න කැමතියි. අපිට එහි කිසිම ගැටලුවක් නෑ. අපි එක පවුලකට මේ ජනාධිපතිකම සීමා කරන්නේ නෑ. මේ රටේ ලක්ෂ ගණනක් ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා ඉන්නවා. ගිය පාරත් ඉතාමත් දුර්වල ඡන්ද ව්‍යාපාරයක් කරලා අපිට 33% ඡන්දය දුන්න ජනතාව ඉන්නවා. මගේ යුතුකම තමයි ජාතික සංවිධායක විදිහට මේ 33% න් 40% කරන බවට මා ප්‍රකාශ කරනවා. අපිට එක්සත් ජාතික පාක්ෂිකයෝ ඉන්නවා. නමුත් එක්සත් ජාතික පාක්ෂිකයින් අතර යම් යම් කළ කිරීම් තියෙනවා. අපි ඒවා පිළි ගන්නවා. අපි පාක්ෂිකයන් රුක ගන්නා වැඩ පිළිවෙලකට යන්න අවශ්‍යයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති පුටුවේ තිබ්බේ පොහොට්ටුවේ කට්ටිය නෙවෙයි එක්සත් ජාතික පාක්ෂිකයෝ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යවලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ පුටුවේ ඉන්දුවේ බව මම ප්‍රකාශ කරන්න කැමතියි. අපි නුවරඑළිය දිස්ත්‍රික්කය 70% ක් අරන් දුන්නා. මේ පක්ෂය කියන්නේ අපේ ජීවය. මේ පක්ෂය වෙනුවෙන් අපේ තාත්තාලා ජීවිතක්ෂයට පත් වුණා. මේ පක්ෂය වෙනුවෙන් දිවි පූජා කළ අය තමන්ගේ පවුල ගොඩනඟන්න හැදුවේ නෑ.
අපි අපේ අඩුපාඩුකම් හදා ගෙන පාක්ෂිකයා කේන්ද්‍ර කර ගෙන ඉදිරියට යන්න වැඩ පිළිවෙලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි මාස 18 තුළ අපි අනිවාර්යෙන්ම පුදුමාකාර සංවර්ධනයක් වලපනේ ජනතාවට මිලියන 200ක් සංවර්ධන කටයුතු සඳහා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි අනිවාර්යෙන්ම ලබන මැතිවරණයට පෙර තමුන්නාන්සේලාට පොරොන්දු ඉෂ්ට කරන බව මම ප්‍රකාශ කරනවා. එදා ඉඳලා හිටිය බලවේග එකක්වත් මේ වලපනේට පේන්න වැඩක් කරලා තියෙනවාද? මේ ආසනය තමයි වැඩිම අඩුපාඩු තියෙන ආසනය. මම මේක හැමතැනම කියනවා. මම දේශපාලඥයෙක් විදිහට ආසන පහටම යනවා. වලපනේට තමයි වැඩක් වෙලාම නැත්තේ.
අපි මේක හරිගස්සන්න අවශ්‍යයි. පහුගිය බලවේග වලට වලපනේ ගැන එහෙම විශාල ආදරයක් නෑ. ඔවුන්ට මුල අමතක වෙලා. මම තමුන්නාන්සේලා එක දෙයක් කියන්නම් බැරි වෙලාවත් මහින්ද රාජපක්ෂ ආයිමත් මේ රටේ ජනාධිපතිවරයා උනොත් සී.බී.රත්නායක මහත්තයාට දෙන්නේ වැඩකට නැති ඇමතිකමක්. අපිට එහෙම නෙවෙයි. අද අපි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඇවිත් ඉවරයි. මට හොඳ ඇමතිකමක් දීලා තියෙනවා. අපි මහින්ද රාජපක්ෂ පිටිපස්සේ ගිහින් ලෙව කන්න අවශ්‍ය නෑ. අපි පෞඪ ඉතිහාසයක් තියෙන ජනතාවක්. අපි උඩරට මිනිස්සු. ඇයි එහෙනම් මේ පහත රට නායකයෝ උඩරට නායකයන්ට තැනක් දෙන්නේ නැත්තේ. ආයිත් හදවතට තට්ටු කරලා අහන්න මහින්ද මහත්තයා සී.බී.රත්නායකට ආයිත් ආවත් හොඳ ඇමතිකමක් දෙයි ද? නෑ දෙන්නේ නෑ. අපි හිතනවා තමුන්නාන්සේලාට අවංකව දේශපාලනය කරන්න. අපි හිතනවා අපේ දෑත් පිරිසිදුයි කියලා. අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා මීට වඩා තමුන්නාන්සේලාත් සමඟ බද්ධ වෙලා අපේ දේශපාලන ගමන යන්න.
මේ අවුරුදු දෙක හමාර තුළ මොනවද අපි කළේ අහනවා. මම කියන්න නම් කළේ නැති දේවල් හරියට. සුදු වෑන් සංස්කෘතිය අපි අහෝසි කළා. අද දේශපාලන නිදහස තියෙනවා . අද ඕනෑම දෙයක් කියන්න පුළුවන්. සුදු වෑන් ඇවිත් උස්සන් ගිහින් මරන්නේ නෑ. අද මාධ්‍ය නිදහස තියෙනවා. එදා ලසන්ත වික්‍රමතුංගලා අමු අමුවේ ඝාතනය කළා. ආයිමත් එහෙම යුගයක් නැතිව අපි හිතනවා නාස්තියෙන් දූෂණයෙන් තොරව මේ රට ඉදිරියට ගන්න. බැදුම්කරය ගැන කතා කරනවා. බැදුම්කරයේ අඩුපාඩුකම් වුණා. ඒ තුළ හොරකමක් වුණා කියලා අපි දන්නවා. නමුත් අපි දන්නවා මේ ආණ්ඩුව විශේෂයෙන්ම ජනාධිපතිතුමා ප්‍රථම වතාවට ජනාධිපති කොමිසමක් පත් කරලා අද ඒ බැදුම්කරයේ ප්‍රධාන චූදිතයා හිරභාරයේ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරනවා. තමුන්නාන්සේලා හිතනවා ද රාජපක්ෂලාගේ ආණ්ඩුවක් තිබ්බා නම් මෙහෙමම දෙයක් වෙයි කියලා. නෑ. අද රාජපක්ෂ මහත්තයාගේ කිට්ටු හිතවතුන් පිටරට ඉන්නවා. ඔවුන්ට විරුද්ධව අපි නඩු දාලා තියෙනවා. ළඟදීම ඒ අය ලංකාවට ගෙන්න ගන්න අපි කටයුතු කරනවා.
අද මේ මාතෘකාව හැරිලා තියෙනවා ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ද? චමල් රාජපක්ෂ ද? බැසිල් රාජපක්ෂ ද? හිරන්ති මහත්මිය ද? කියලා. එතකොට වෙන කවුරු.ත් නැද්ද ඔය බලවේගයෙන් ඉදිරිපත් වෙන්න. වෙල්ගම මැතිතුමා කියනවා අපිටත් චාන්ස් එකක් දෙන්න කියලා. නමුත් චාන්ස් එකක් දෙන්නේ නෑ. මොකද රාජපක්ෂවරුන්ගේ එකම තන්හාව තමයි මේ ඡන්ද ටික රාජපක්ෂවරුන් ළඟම තියා ගන්න.
විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට කරන්න කාරණා දෙකක් තියෙනවා. ඉන් එක්ක පොදු වැඩ ටික කරන්න. මම පොරොන්දු වෙනවා ඒ පොදු වැඩ වලට අවශ්‍ය සම්පත් ටික අපි ලබා දෙනවා කියලා. අපි අනිවාර්යෙන්ම ඉදිරි මාස ටික තුළ ඒවා ඉටු කරනවා කියලා මම පැහැදිලි ප්‍රකාශයක් කරනවා. අනිත් එක තමයි පුද්ගල ප්‍රශ්න. අපි වෙනුවෙන් කැප වුණු පාක්ෂිකයන්ගේ දූ දරුවන්ට තියෙන රුකි රක්ෂා ප්‍රශ්නය. අපි ඉදිරියේදී ඔවුන් රුකී රක්ෂා ලබා දෙනවා. අපි ඒ පිළිබඳව දැනටමත් සැලසුම් හදලා තියෙනවා. අපි හිතනවා මේ මාස 18 තුළ රටේ විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා. අපි දේශපාලනය කරන්නේ මිනිස්සු වෙනුවෙන්. අපි වෙනුවෙන් නෙවෙයි. අපි රාජපක්ෂ මහත්තයා ගෙදර යැව්වේ මේ රටේ හොඳ හෙටක් ඇති කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇති කරන්න. අද අද අධිකරණය නිදහස්. අධිකරණයට බලපෑම් කරන්නේ නෑ. අද සමහර මාධ්‍ය වලින් අපිට ගහන හැටි බලන්න. රාජපක්ෂ යුගයේ එහෙම වුණා නම් ඒ මාධ්‍යවේදීන් ඝාතනය කරනවා. මේ රට ආසියාවේ මුතු ඇටය කරන්න එකසත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කරනවා කියන එක මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. අපිට හොඳ රටක් අවශ්‍යයි. පවුල්වාදයට වඩා අපට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේම ජනතා ප්‍රශ්න වලට විසදුම් දෙන්න පුළුවන් ආණ්ඩුවක්.
තමුන්නාන්සේලා දන්නවා මේක හවුල් ආණ්ඩුවක් කියලා. මේකේ බල කේන්ද්‍ර දෙකක් තියෙනවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා. ජනාධිපතිතුමාගේ අරමුණු එක පැත්තකින් ඉෂ්ට කරනවා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි ආණ්ඩුවේ හදවත. ඒ නිසා පක්ෂය වටා ඉන්න ජනතාව අපි අරක්ෂා කළ යුතුයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලා ගිහින්. තාමත් මේ රට රාජපක්ෂලා විරෝධී කියලා මම හිතනවා. බහුතරයක් තාම රාජපක්ෂලාට නෑ. අපිට ඉදිරි මැතිවරණයට කිසිම සැකයකින් තොරව මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ජාතික සංවිධායක විදිහට අපේ සංවිධායකවරුත් එක්ක බද්ධ වෙලා අපේ බිමි මට්ටමේ සංවිධායකවරුත් එක්ක එකතු වෙලා අපේ ජාලය ශක්තිමත් කරන්න. යම් යම් කළ කිරීම් තියෙනවා නම් අපි ඒවා පොදු හතුරෙක් නිසා නිම කරන්න අවශ්‍යයි. අද තේ වලට හොඳ මිලක් ඔබට ලැබෙනවා. අපි තේ සදහා ලබා දෙන දෛනික ගාස්තුව ඉදිරියේදී වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ දුක හදුනා ගෙන ඔවුන්ට සරිලන වේතනයක් ගෙවන්න අපි ඉදිරියේ දී කටයුතු කරනවා.
අපේ ආණ්ඩුව තමයි වැවිලි ක්ෂේත්‍රයේ ඉන්න කම්කරුවන්ට පර්චස් 7ක් ලබා දීලා ඔවුන්ට නිවසක් ලබා දෙන්න කටයුතු කළ ප්‍රථම ආණ්ඩුව. සියලු ජාතීන් එකමුත්ව ජීවත් වෙන ප්‍රදේශයක් මේ නුවරඑළිය. ඉතිං අපි එකමුතුව ඉදිරියට යමු. ඒ සඳහා අපිට සහයෝගය දෙනන් කියලා මම ඉල්ලා සිටිනවා.
අපි ඉදිරි මැතිවරණයේදී සියලු බලවේග එකතු වෙනවා පුංචි ඡන්දයේදී වගේ වෙන් වෙන් වශයෙන් යන්නේ නෑ. සියලු දෙනාම එකතු වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව හොලවන්න බෑ. මන්ත්‍රීවරු 70න් බහුතරය ගන්න බෑ. 16 දෙනා එතෙන්ට ගියාට මට කීවා කෙනෙක් අනේ නවින් අපි කර ගත්ත ලොකුම මෝඩකම මේක කියලා. දැන් ආයිත් සමහර අය මෙතනට එන්න හදනවා. එතනට ගියාට පස්සේ ඒ අය කියනවා මෙතන ඉඩක් නෑ කියලා. ඒ 16 දෙනා දැන් අතරමන් වෙලා. මම ඒ අයට මුලදී ඔය ගැන පැහැදිලි කළා. අපි කියපු දේ ඇහුවේ නෑ. දැන් දුක් වෙනවා. මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම 2020 වෙනකන් යනවා. ඒක සක්‍ර දෙවියන්ටවත් නවත්වන්න බෑ. ජනාධිපතිවරණයේදී අපි අනිවාර්යෙන්ම හොගේම් එක්ක දෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. අපි දාන්නේ දිනන්න පුළුවන් ජොකියෙක්. මහින්දව 2015 පැරුද්දුවා නම් අපිට ආයිත් මහින්ද නොවන අපේක්ෂකයෙක් පරද්දන්නත් පුළුවන්. මේක තමයි යතාර්ථය. මට මේ තනතුර දුන්න තනතුරක් නෙවෙයි මම ගත්ත තනතුරක් මේක. මේ නුවරඑළියේ ජනතාවගේ ඡන්දයෙන් අවුරුදු 20ක් ඡන්දය කරලා මෙතන්ට ආවේ. අපි එකතු වෙලා ගමනක් යමු අපිට සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. යයි පැවසිය.
කේ.ඩී. බිලේෂ් සමන්ත
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
0778011194
The post “මහින්ද මහත්තයෝ ඔයාත් පුලුවන්නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න” -ඇමති නවින් දිසානායකගෙන් අභියෝගයක්. appeared first on Lanka News Column.


0 Comments