එකම පවුලක සාමාජිකයන් සහ ඥාතීන් පිරිසකගේ මළ සිරුරු ඉන්දියාවේ දිල්ලි අගනුවර නිවසකින් හමු වී අති බව විදෙස් වාර්තා පවසයි.
මරණයට පත් පිරිසෙන් වැඩි දෙනෙකුගේ දෑස් ආවරණය කර මුඛ වසා දෑත් පිටුපසට බැඳ දමනු ලැබ තිබිණු බව ද සදහන්.
මරණයට පත් දස දෙනෙකුගේ සිරුරු සිවිලිමේ එල්ලෙමින් තිබුණු අතර, හැත්තෑ වැනි වියේ පමණ වයසේ පසු වූ කාන්තාවකගේ සිරුර පමණක් බිම වැතිර තිබී හමුවිය.
මරණවලට හේතුව පැහැදිලි නොමැති අතර එය ඝාතනයක් විය හැකි ද යන්න දිල්ලි පොලිසිය බැහැර නොකරයි.
නමුත් එම පවුලේ "ගුප්ත චාරිත්‍රයක්" පිළිබඳ සාක්ෂි හමු වී ඇතැයි පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

0 Comments