Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් 19ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය  ගොස් තවත් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත.  
 
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ ජලාලාබාද් නගරයටයි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
 
ජීවිතක්ෂයට පත් වූවන් අතරින් බොහෝ දෙනෙකු සික් ජාතිකයන් වන බව සදහන් ය. ඔවුන් ජනාධිපති අෂ්රෆ් ගානි හමුවීමට යමින් සිටි පිරිසකි. මිය ගිය අය  අතර එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින අපේක්ෂකයකු ද වන බව වාර්තා වේ.
 
ප්‍රහාරයේ වගකීම අයි එස් ත්‍රස්තයින් භාරගෙන තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();