මේක මගේ සිහිනයක් නෙමෙයි මෙය ආරච්චිකට්ටුව ජනතාවගේ සිහිනයක්. මෙය මගේ අභියෝගයක් පමණයි. සෙන්ගල්ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරමින් වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර මහතා පැවසිය.
පෙරේදා (10) පෙරවරුවේ පල්ලමදී පළමු පස් පිඩැල්ල කැපීමෙන් පසු මේ වාරි ව්‍යාපෘතිය ආරම්භ කැරිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ පැවසීය.
මම පුත්තලමේ ජනතාව වෙනුවෙන් පක්ෂය හා ආණ්ඩුව සමග සටන් කරන මන්ත්‍රීවරයෙක්. එදා පුත්තලමට සාගර විශ්වවිද්‍යාලය ගේන්න හැදුවා. එයට කැබිනට් ඇමැති මහින්ද සමරසිංහ විරුද්ධ වුණා. පුත්තලමට කාර්මික විද්‍යාලය ගේන්න යද්දී මහින්ද සමරසිංහ ඇමැතිවරයා විරුද්ධ වුනා. කැබිනට් පත්‍රිකාව දැම්මේ නැහැ අන්තිමට ඉනේ ගහගෙන තිබුණු පිස්තොලේ අදින්න සිද්ධ වුනා. එහෙම තමයි මේ කාර්මික විද්‍යාලය පුත්තලමට ගෙනාවේ. එහෙම අපේ සමහර උදවිය අපිට වැඩ කරන්න දෙන්නේ නැතුව ගියා. මොකද මම රාජ්‍ය ඒ අය කැබිනට්.
අපේ දිස්ත්‍රික්කයට කුණු එනවා නම්, අපේ දිස්ත්‍රික්කයට ගල් අඟුරු එනවා නම් ඒ ගල් අඟුරුවල අළු ටික කලපුවට යනවා නම් මුහුදට යනවා නම්, අපේ ජන ජිවිතයට හානියක් වෙනවා නම් එතැනදී මගේ ජනතාව වෙනුවෙන් මම පෙනී හිටියේ නැත්නම් මම නායකයෝ වෙනුවෙන් පෙනී ඉදලා වැඩක් තියනවද . මට කතිරේ ගහලා තියෙන්නේ නායකයෝ නෙමෙයි. මට කතිරේ ගහල මනාපයක් දීලා තියෙන්නේ මගේ දිස්ත්‍රික්කයේ ජනතාවයි.
ඒ නිසා ඒ ජනතාව වෙනුවෙන් යුතුකමක් හා වගකීමක් මට තියෙනවා. ඒක පැත්තකින් සංවර්ධනය ගේනවා වගේම අනික් පැත්තෙන් ඒ අය වෙනුවෙන් පෙනී හිටීම හා ආරක්ෂා කිරීම කළ යුතුයි. අන්න ඒ නිසා තමයි අපි ප්‍රතිසංවිධාන කරන්න ඕනෑ කියලා කිව්වේ. එහෙම නැතුව පෞද්ගලිකව කාත් එක්කවත් තරහට නෙමෙයි.
මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා - අපේ රජය වැඩ කරනවා. නමුත් ජනතාව දන්නේ නැහැ. අද මේ ව්‍යපෘතියට කෝටි හතළිහක් වැය කරනවා. නමුත් කිසි ප්‍රචාරයක් නැහැ. එදා මේ වගේ දෙයක් කළා නම් කෝටියක් විතර වියදම් කරනවා ප්‍රචාරයට.
මේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා ඇතුළු වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ නිලධාරීන් හා පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විණි.
හලාවත ආරච්චිකට්ටුව ගම්මාන විස්සක ජනතාවට ප්‍රයෝජනවත් වන අයුරින් සෙන්ගල්ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු රුපියල් මිලියන හාරසියයක වියදමකින් වසරක් තුළදී නිම කිරීමට නියමිතයි. පුරාණ රජ දවස කොට්ටබද්ද වාරි ව්‍යාපෘතිය ලෙස හැඳින්වූ මේ ව්‍යාපෘතිය පසුව 1966 වසරේදී සෙන්ගල්ඔය ලෙස ආරම්භ වුයේ ආරච්චිකට්ටුව මයියාව විහාරස්ථානාධිපති සද්ධාතිස්ස මහාහිමිපාණන්ගේ පුර්ණ දායකත්වයෙනි. පසුකාලීනව මෙය අක්‍රිය වීමට බලපෑ ප්‍රධාන සාධකය වුයේ ඉවක් බවක් නොමැතිව දැදුරුඔයේ වැලි ගොඩ දැමීමයි. පසුගිය වසර විස්සක කාලය තුළ අවස්ථා දෙකකදී මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදු වුවත් ඒවාද අසාර්ථක විණි .
පුත්තලම දිසා සමුහ
ප්‍රසාද් පුර්ණමාල්
0 Comments