Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය සේවාව සංවර්ධනය කිරීමට ඩොලර් මිලියන 611.5 ක ආයෝජනයක්

Author(s): 
ශීලා උඩුවර

ඉදිරි වසර 20 ඉලක්ක කර ගනිමින් දුම්රිය සේවාවේ සංවර්ධනය සඳහා සැලැස්මක් සකස් කිරිම ආරම්භ කර ඇති බවත් දුම්රිය සේවයේ සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 611.5 ක් වැයකරන බවත්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

අද වන විට දුම්රියෙන් දිනක‍ට මගීන් ලක්ෂ 3 කට අධික පිරිසක් කොළඹට පැමිණෙනවා මෙන්ම කොළඹින් පිටත්වන බවත්, මෙම පැමිණෙන පිරිස වසර 2025 වන විට ලක්ෂ 12 දක්වා වැඩිකරගත හැකි බව දත්තවලින් ඔප්පු වි ඇති බවත්, එම නිසා මෙම අවශ්‍යතාව ඉලක්ක කර ගනිමින් මෙම සැලැස්ම ක්‍රියත්මක කරන බවත් ඇමතිවරයා කිය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ දුම්රිය සංවර්ධන ප්‍රධාන සැලැස්ම එළිදැක්විම නිමිත්තෙන් ඊයේ ( 11 ) බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමේදිය.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන1.5 ක්ආධාරයක් ලෙස සංවර්ධන සැළැස්ම සකස් කිරීම සඳහා ලබාදෙන බව පැවසූ ඇමතිවරයා සක්‍යතා අධ්‍යයනයට හා නිර්මාණ සකස් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක් ණයක් විධියටත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය සේවාවට අවශ්‍ය ඩදිකිරිම් හා දුම්රිය මාර්ග සැකසීම සඳහා තවත් ඇ.ඩො.මි. 600 ක්ණයක් විධියටත් ලබාදිමට කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රධාන සැලසුම යට‍තේ කඩිනම් සංවර්ධන කටයුතු ලෙස කොළඹ - රඹුක්කන , කොළඹ - කළුතර , කොළඹ - අවිස්සාවේල්ල හාරාගම- මිගමුව යන දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීම, කඩුගන්නාව-මාතලේ , රමුක්කන- කඩුගන්නාව, පේරාදෙණිය- ගම්පොළ, දුම්රිය මාර්ග සංවර්ධනය කිරීම, කොළඹ තදාසන්න දුම්රිය සේවා කාර්යක්ෂම කිරීම සඳහා දුම්රිය ස්ථාන හා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, ආසන වෙන්කිරීම නව සන්නිවේදන පද්ධති ස්ථාපිත කිරීම, නවින විදුලි සංඥා පද්ධති ස්ථාපිත කිරීම වැනි කටයුතු සිදුකෙරේ.

ඇමතිවරයා මෙසේද කීය. අද පවතින මාර්ග තදබදය නිසා විශාල මගීන් සංඛ්‍යාවක් දුම්රියෙන්

ගමන් ගන්නා බවත්. මහාමාර්ගයෙන් බස්රථවලින් ගමන් ගන්නවාට වඩා අඩුමුදලකින් දුම්රියෙන් ගමන් කිරිමට හැකිවිම නිසා මගී ජනතාව දුම්රියට පුරුදුවි තිබෙන බවත්, මගී ඉල්ලිමට අනුව සේවාවක් සැපයිය යුතුයි.

2025 වන විට ලක්ෂ 12 ක් දුම්රියෙන් ගමන් කිරීමට හැකිවෙතැයි සංඛ්‍යා දත්ත මගින් පෙන්නුම් කර තිබෙනවාඒ නිසා අපි ඒ සේවාවන්සැපයිමට සැලසුම් කළ යුතුයි. නව සංනිවේදන ක්‍රම භාවිතා කළ යුතුයි. 2025 වන විට මේ සියලු කාර්යයන් ඉටුකරනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජි.එස්. විතානගේ , ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ යන මහත්වරුන්ද ව්‍යාපාතියට අදාල දේශිය හා විදේශීය නිලධාරින්ද සහභාගි වුහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();