නව අදහස් සහිත කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයන් නගා සිටුවීම අරමුණ කරගත් තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීමට දිවයින පුරා සිටින තරුණ ව්‍යවසායකයින් අතර දැඩි උනන්දුවක් ඇති වී තිබේ. ඒ අනුව මේ වන විට ණය ලබා ගැනීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යවසායකයින් 800ක් පමණ හඳුනාගෙන ඇති අතර එයින් 200කගේ පමණ ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමේ කටයුතු කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන්ගේ උපදෙස් සහිතව දැනටමත් සිදුකරමින් පවතී. මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ දී පෙරේදා (10දා) පැවැති ප්‍රගති සමාලෝචන සැසියේ දී මෙම තොරතුරු අනාවරණය විය.
මෙම ණය යෝජනා ක්‍රමය හරහා එක් ගමකින් අවම වශයෙන් නව ව්‍යවසායකයින් දස දෙනෙකු බැගින්වත් තෝරා ගනිමින් දිවයින පුරා විසිරී සිටින නව අදහස් සහිත තරුණ තරුණියන්ගේ ස්වයංරැකියා නගා සිටුවීම සදහා සහයෝගය ලබා දීමට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සැලසුම් සකස් කරමින් පවතී. ඉදිරියේ දී මෙම ණය ලබා ගැනීමේ පුර්ව සුදුසුකමක් වන උපාධියක්, ඩිප්ලෝමාවක් හෝ පිළිගත් වෘත්තිය පුහුණුවක් ලබා තිබීම වෙනුවට විදාතා පුහුණු මධ්‍යස්ථාන හරහා ලබාගත් සහතිකලත් වෘත්තිය පුහුණු පාඨමාලා ද පිළිගැනීමට කටයුතු සකස් කරමින් පවතින බව සැසියට සහභාගි වූ ලංකා බැංකු නියෝජිතයෝ ප්‍රකාශ කළහ. ඊට අමතරව ව්‍යාපාර ලියාපදිංචිය පිළිබඳ වසර තුනක සහතිකයක් වෙනුවට එම ව්‍යාපාරය සිදුකරන බවට ග්‍රාම නිලධාරි සහතිකයක් ප්‍රාදේශීය ලේකම් හරහා බැංකුව වෙත ලබා දීම ප්‍රමාණවත් බවත් මෙම සැසියේ දී එකඟ විය.
මේ පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා ක්‍රියාත්මක වීමට නියමිත අතර ණය යෝජනා ක්‍රමය පිළිබඳව මුද්‍රිත විස්තර පත්‍රිකා සියලුම ලංකා බැංකු ශාඛාවලින් ද ලබා ගත හැකි වේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
0 Comments