Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිලියන 1.4ක හෂීස් අත්අඩංගු වට

ගුවන් තැපැල් මගින් මෙරටට ගෙන්වූ රුපියල් මිලියන එකයි දශම හතරක් වටිනා හෂීස් තොගයක් මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ රේගු නිලධාරීන් ඊයේ (17)දහවල් 12.30 ටපමණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පාර්සලයේ ස්කේට් බෝඩ් (හිමමත ලිස්සායක පුවරු)එකක් තුල සඟවා තිබු හෂීස් කිලෝ 1 ග්‍රෑම් 400ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.

මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලය ස්පෙයින්(ස්පාඤ්ඤයේ සිට) රටේ සිට නුගේගොඩ ප්‍රදේශයේ නිදහස් මාධ්‍යවේදියකු ගේ නමට එවා ඇයිද රේගු නිලධාරීන් පවසයි. අදාළ මාධ්‍යවේදියා මධ්‍ය තැපැල් හුවමාරුවට පාර්සලය රැගෙන යාමට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් ඹහු අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය තොගය සහ නිදහස් මාධ්‍යවේදියා, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ප්‍රීති ගාල්ලගේ සහ කේ.එච්.පී.කුමාරසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, රේගු අධිකාරීවරුන් වන චන්න ශාන්තප්‍රිය සහ ලාල් ද සිල්වා යන මහත්වරුන් විසින් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද සුනිල් ජයරත්න මහතා දිනමිණට පැවසුවේය.

නිමල් රාජපක්ෂ සුභාෂිණී සේනානායක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();