සංචාරක කර්මාන්තයෙන් රුපියල් බිලියන 4.5 ක මුදලක් උපයා ගැනීමට මේ වසරේදී අපේක්ෂා කරන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ අමාත්‍යංශයේ දී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමරතුංග මහතා මෙසේද කීවේය.
ගිය වසරේදී එම අදායම රුපියල් බිලියන 3.9 ක් වු බවත් එය සියයට 24 ක වර්ධනයක් බවත් ඇමැතිවරයා පැවසීය. සංචාරක ව්‍යාපාරය මෙරට වැඩිම විදේශ විනිමය උපයන ක්ෂේත්‍රය බවට පත් කිරීම රජයේ අරමුණ බව මෙහිදී අවධාරණය කළ ඇමැතිවරයා, එම අරමුණ කරා යාමේ දී සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව ද කීවේය.
රජයේ අරමුණ කරා යාමේ ගමනට මිරිස්ස ප්‍රදේශයේ පසුගිය දා සිදු වු සිද්ධීන් නිසා බාධාවන් ඇති විය හැකි බැවින් විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම පොලිසිය විසින් ද ගත යුතු බව හෙතෙම අවධාරණය කෙළේය.
සංචාරකයින්ට ලිංගික අතවර කිරීම්, පහරදීම් ආදියට සම්බන්ධ සියලු දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමේ වගකීම පොලිසියට පැවරෙනවා.
මිරිස්ස හා තවත් ප්‍රදේශයකදී සංචාරකයින්ට පසුගිය දිනවල හිරිහැර සිදු ව තිබෙනවා. මේ සිදුවීම ලොව පුරා ම කතා වෙනවා. එය අපේ කීර්ති නාමයට හානිකර සිදුවීමක් නිසා මේ ගැන නිසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. දැනටමත් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිය හා සාමය පිළිබඳ අමැතිවරයා මා වෙත දැනුම් දුන්නා. මේ අය රිමාන්ඩ් කළාට පමණක් මෙය විසදෙන්නේ නැහැ. මේ සිද්ධියට සම්බන්ධ අනෙක් අයත් අත්අඩංගුවට ගත යුතුයි. බොහෝ විට සිදු වන්නේ මෙවැනි සිදුවීම් වු විට සම්බන්ධ අය නැතිව වෙනත් අය ඉදිරිපත් කිරීමයි. ඒ නිසා මේ අය මේ සිදුවීමට සම්බන්ධ නැත්නම් සම්බන්ධ අය හොයලා අත්අඩංගුවට ගත යුතුයි.
බොහෝ විට සංචාරකයින් තමන්ට හිරිහැරයක් සිදු වුණාම තමන්ගේ රටට ගිහින් තමයි ඒ ගැන පැමිණිලි කරන්නේ. මේ නිසා අපට පරීක්ෂණ කරන විට ගැටලු ඇති වෙනවා. මෙහි රැදී සිටිමින් අපට සහය දෙනවා නම් පරීක්ෂණ කඩිනම් වෙනවා.
සංචාරක කර්මාන්තය සියයට 24 ක වර්ධනයක් ලගා කර ගෙන තිබෙනවා. මෙවැනි සිදුවීම් නිසා එම වර්ධනය පහළ යන්න පුලුවන්. මේවා වළක්වා ගැනීමේ වගකීම පොලිසියට තිබෙනවා. මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වා ගැනීම පොලිසියේ වගකීමක් වෙනවා. අමාත්‍යංශය ලෙස අපි මේවා වළක්වා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
සංචාරකයින් වැඩිපුර ගැවසෙන මුහුදු තීරයන් හී පොලිස් නිලධාරීන් ගැවසෙන විට අපරාධ අඩු කර ගන්න පුළුවන්. මේ නිසා කොළඹ පමණක් නොවේයි. පිට පළාත්වලද මුහුදු තීරයන් හී පොලිස් නිලධාරීන් යොදවන්නට අවශ්‍යයි. ඒ සඳහා සියලු පොලිස් ස්ථානවල සංචාරක ඒකක පිහිටුවන්නට අවශ්‍ය කරනවා.
මෙහිදී සංචාරකයින් ද අවධානය යොමු කළ යුතු කරුණු තිබෙනවා. විශේෂයෙන් අනවශ්‍ය පුද්ගලයින් සමඟ ඇසුර, අනවශ්‍ය මාර්ග, වාහන භාවිතය ආදිය නිසා සංචාරකයින් අමාරුවේ වැටෙනවා. නිල වශයෙන් ලියාපදිංචි නොවු ආයතන, පුද්ගලයින් භාවිතයෙන් සංචාරකයින්ට නිසි ආරක්ෂාවක් ලැබෙනවා. එමෙන්ම මෙවැනි සිදුවීමක් ඇති වුණොත් ඒ අදාළ ප්‍රදේශවල දේශපාලන අධිකාරිය මැදිහත් ව මෙය විසදීමට කටයුතු කළ යුතුයි. මේ සිදුවීම්වලදී කිසිම පක්ෂයක අයෙක් මැදිහත් වෙලා නැහැ. මාෆියා තත්ත්වක් ද මේ පළාත්වල පවතිනවා. මේ නිසා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් හෝ යොදවා මේ තත්ත්වයන් මැඩලීමට කටයුතු කළ යුතු වෙනවා.
ඊට අමතරව මෙම සිදුවීමට අදාළ හෝටලය සම්බන්ධයෙන් ද පරීක්ෂණ කළ යුතු වෙනවා යැයි කීවේය.
මේ අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඇසල වීරකෝන්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.
සමන්මලී ප්‍රියශාන්ති
0 Comments