දුම්රිය උපනියාමකවරයකු හා වටගොඩ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු අතර සිදු වූ බව කියන බහින් බස් වීමේ සිද්ධියක් මුල්කර ගනිමින් දුම්රිය දෙපාර්තුමේන්තුව සාධාරණ පරීක්ෂණයක් සිදු නොකළ බව කියමින් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ සේවකයින් පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර තිබු හදිසි වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අසීරුතාවට පත්වූහ.
මහනුවර සිට බදුල්ල බලා පෙරේදා (10) ධාවනයවූ දුම්රියේ උපනියාමකවරයා හා වටගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයා අතර බහින්බස් වීමක් සිදුව තිබේ. ආපසු එන ගමනේදී අදාළ උපනියාමකවරයා දුම්රිය ස්ථානාධිපතිවරවා නොමැති අවස්ථාක සේවක පිරිසක් ඉදිරියේ ඔහුට අපහාස වන ලෙස ප්‍රකාශයක් කළ බව දුම්රිය සේවකයෝ පවසති.
පසුව මේ සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරයා දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් 10 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාක්මක කරන බවට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ප්‍රකාශ කිරීමෙන් පසු වගොඩ දුම්රිය ස්ථානයේ සේවකයකුගේ සේවය අත් හිටුවීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සාධාරණ පරීක්ෂණයකින් තොරව සේවකයාගේ සේවය අත්හිටවූ බව කියමින් ඊට විරෝධය දක්වා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය 10වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එයට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 37 ක කාර්ය මණ්ඩල එක්ව සිටියේය.
වැඩ වර්ජනය හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය අසළදි දුම්රිය අංගනයට ඇතුළත් කිරිම සඳහා සංඥා නොලැබිම හේතුවෙන් ඊයේ (11) අලුයම 1.00 සිට පෙරවරු 8.00 දක්වා සංඥා කණු අසළ නතර කර තැබිමට දුම්රිය රියැදුරන්ට සිදු වූහ.
එම දුම්රියන් දෙක ධාවනය නොවිම හේතුවෙන් ඒවාහි ගමන් ගත් මඟින් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත පැමිණ නොසන්සුන්කාරි ලෙස හැසිරිම හේතුවෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවිමට පොලිසියට සිදුවිය.මේ සදහා ගම්පොළ සහ කුරුදුවත්ත පොලිස් ස්ථානවලින් අමතර පොලිස් නිලධාරින්ද කැඳවීමටද පොලීසිය පියවර ගෙන තිබිණි.
පැය ගණනාවක් දුම්රිය ධාවනය නොකිරිම නිසා පිඩාවට පත්ව සිටි දුම්රිය මඟින්ට බස් රථ වලින් තම ගමනාන්තය දක්වා යෑමට කටයුතු කළ අතර ඊයේ (11) උදැසන 8.00 ට දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ සේවකයින් යළි සේවයට වර්තා කළහ.නාවලපිටිය දුම්රිය ස්ථානය අසල නතර කර තිබු තැපැල් දුම්රියන් මගීන් නොමැතිව යළිත් ගමනාන්තය දක්වා ධාවනය කිරිමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ගෙන තිබුණි.
0 Comments