හැටන් පොලිස් වසමට අයත් කුඩාගම ගම්මානයට යළිත් තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන්ගෙන් තර්ජන මතුව තිබේ. ගම්මානයට රාත්‍රී කාලයේ කඩා වදින දිවියන් සුනඛයින් කිහිප දෙනෙකුම පසුගිය දින කිහිපය තුළ ගොදුරු කර ගෙන තිබෙන බව ප්‍රදේශවාසිහූ පවසති.
ඇතැම් නිවෙස් වලස කූඩු කර ඇති කරන සුනඛයින්ව එම කුඩුවල දොරවල් කඩා දිවියන් ගොදුරු කර ගැනීමට උත්සහ කළ අවස්ථාවද වාර්තා වී ඇත.
මේ සම්බන්ධයෙන් වනජීවි නිලධාරින්ට අවස්ථා කිහිපයකදි දැනුම් දිමෙන් පසු එක් අවස්ථාවක නිලධාරින් පිරිසක් පැමිණ අලි වෙඩි කිහිපයක් ලබාදී ගිය බවත් එම අලි වෙඩි පත්තු කර දැමිමෙන් පසු ගමට නොපැමිණෙන දිවියන් යළිත් දින කිහිපයකට පසු ගම් වදින බවත් කුඩාගම ගම්වැසියෝ ප්‍රකාශ කරති.
ගම්මානයේ සැරිසරන දිවියන් අල්ලා රැගෙන ගොස් ප්‍රධාන රක්ෂිතවලට මුදා හැරිමට කටයුතු කරන ලෙස ගම්වැසියෝ වනජිවි නිලධාරින්ගෙන් ඉල්ලා සිටිති.පසුගිය කාලය තුළ මෙලෙස ගම් වදින දිවියන්ගේ පහර දීම් වලට ලක්ව වතු කම්කරුවන් කිහිප දෙනකුම තුවාල ලැබූහ.වතුකරය පුරා පවතින දිවි මිනිස් ගැටුම හේතුවෙන් මේ වන විට දිවියන් 30 දෙනකුට පමණ දිවි අහිමිවී ඇත්තේ උගුල් වලට අසුවීමෙන් හා වස මිශ්‍රිත ආහාර අනුභව කිරීමෙනි.
0 Comments