ජංගම දුරකථනයට මුදල් බැරකර ගැනීමෙන් අනතුරුව (ඊ කෑෂ්) හෙරොයින් ලබාදෙන සංවිධානාත්මක කල්ලියකින් හෙරොයින් ලබා ගැනීමට සූදානම් වූ තරුණයන් තිදෙනකු පසුගියදා (8) රාත්‍රීයේ තිරප්පනය පොලිසියේ නිලධාරින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
තිරප්පනය පොලිස්වසමේ කලත්තෑව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පොලිසිය සැකකාර තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් සන්තකයේ හෙරොයින් පැකට් තුනක් තිබූ බව සදහන් කෙළේය.තරුණයන් තිදෙනා තදින්ම හෙරොයින් මතට ඇබ්බැහි වී සිටින අතර ඔවුන් ඊෂි කෑෂ් හරහා ජාවාරම්කරුට මුදල් බැරකර හෙරොයින් ලබා ගන්නා බව පොලිසිය සදහන් කෙළේය.
සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම පොලිසිය උත්සහ දරා ඇතත් සැකකරුවන් මුදල් බැරකළ ජංගම දුරකථන අංකයට ඇමතුවිට ඔවුන් වරකාපොළ ,වාරියපොළ ,කොළඹ ප්‍රදේශවල සිටින බව පොලිසියට පවසා තිබුණි.සැකකරුවන් ප්‍රධාන ජාවාරම්කරුට මුදල් බැරකළ පසුව ඔහුගේ නියෝජිතයකු ඉතා සූක්ෂමව කිසියම් ස්ථානයක හෙරොයින් සඟවා ගැණුම්කරුවන්ට ඇමතුම් ලබාදී හෙරොයින් ලබාදෙන බව පොලිසිය අනාවරණය කරගනු ලැබුවත් එම පුද්ගලයාත් ඉතා සූක්ෂම අන්දමින් ජාවාරම සිදු කරන බව පොලිසිය පැවසුවේය. අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 26 -30 අතරේ පසුවන්නන් වන අතර ඔවුන් පසුගිය දා (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
තිරප්පනය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එල්.ටී.සනත් පිංඤෝ මහතාගේ උපදෙස්මත දූෂණ මර් දන අංශය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
0 Comments