ලිට්ල් හාර්ට් අරමුදල සදහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රුපියල් මිලයන 70 ක මුදලක් පරිත්‍යාග කර තිඛෙන අතර එම මුදල නිල වශයෙන් (10) දා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබීය.
යුද හමුදාවේ සියලූම සාමාජිකයින්ගේ දින භාගයක වැටුප මෙලෙස ලිට්ල් හාර්ට් අරමුදල වෙත පිරිනමා තිබේ.
යුද හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් කපිතාන් පියුම් චේතනා, බලලත් නිලධාරි සුමිත් විෙජ්සිංහ, සොල්දාදුවන් නියෝජනය කරමින් රුවන් කුමාර සැපර්, කාන්තා සොල්දාදුවන් නියෝජනය කරමින් කාන්තා සංඥා සෙබළ කේ.ටී. දිනක්ෂි යන සාමාජික සාමාජිකාවන් විසින් මෙම මුදලට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
ජනාධිපතිවරයා විසින් එම චෙක්පත ,ලිට්ල් හාර්ට්, අරමුදලේ වෛද්‍ය දුමින්ද සමරසිංහ සහ එහි සාමාජික සුමේධ රණසිංහ යන මහත්වරුන් වෙත භාරදෙනු ලැබීය.
යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුථ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූපය : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments