Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුගතදාස පිටියේ කෘත්‍රිම ධාවන පථය විවෘත කෙරේ

 සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදිකරන ලද මීටර් 400 හා මීටර් 200 කෘත්‍රිම ධාවන පථ, පාපන්දු සහ රග්බි ක්‍රීඩාංගණය විවෘත කිරීම සහ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (09) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහි ඉදිකිරීමට වැයවූ මුලු මුදල රුපියල් මිලියන 244.85ක් වන අතර ඇක්සස් පුද්ගලික සමාගම හා කොනිකා ජේවී යන සමාගම් මෙහි ධාවන තීරු සකස් කර ඇත.

කෘත්‍රිම ධාවන පථයේ ඉදිකිරිම් සඳහා පළමු පෙලේ IAAF සහතිකය ලබාගෙන ඇති අතර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශණ කාර්යාංශය විසින් කෘත්‍රිම ධාවන පථයන්හී මංතීරු සකස්කිරීටම්දී එහි අධීක්ෂණ කටයුතු සිදුකර තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();