‘පැරදුණු ආණ්ඩුව, තෙල්දෙණියේ ගින්න, මෙතැනින් කොතැනට ද’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වනු ලබන දේශන මාලාවේ දෙවැන්න කන්තලේ සම්පත හෝටල ශ්‍රවණාගාරයේ දී සිදු කරමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පල කලේය.
“අපේ කඳවුරේ ඉඳගෙන බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රයට උඩගෙඩි දෙන දේශද්‍රා්හී තක්කඩියෝ කියනවා ‘අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංග හෝ වෙනත් ක්‍රියාමාර්ග ගේන්න ඕනේ නැහැ. රනිල් පැරැද්දුවාම මෛත්‍රී ශක්තිමත් වෙනවා’ කියලා. පළාත් පාලන ඡන්දයෙන් එයා ගත්තු 13%න්, 10%ක් නිකම්ම ඊළඟ ඡන්දයේ දී අපේ පැත්තට ගැලවිලා ඒවි. එයාට දැන් නම් විධායක බලය තිබෙන නිසා සී මැදුරු කවුළුවට වී බලා සිටිය හැකියි.
රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, එට්කා ගිවිසුම ගැසීම, ජාතික සම්පත් විකිණීම ඇතුළු බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතෙයි. ඇමෙරිකාවට සහ ඉන්දියාවටට රනිල් තියාගන්න ඕනේ තමන්ගේ න්‍යාය පත්‍රය ඔහු ලවා දිගේලි කර ගන්නයි. ‘ඒ රටට හතුරු සියල්ල සිදු වුණාට පස්සේ හෝ අපට බලය ආවාට කමක් නැහැ’ කියන නරුම මතයක් සමහරුන්ට තිබෙනවා. මේ සියල්ල නිවැරදිව දකින්න ඔබට හැකි විය යුතුයි.
ඇමෙරිකන් සහ ඉන්දීයන් තානාපතිවරුන් දෙදෙනා දැන් හරියට වැඩ කරන්නේ ‘විසුරේලා’ දෙදෙනෙක් වගෙයි. දැන් රනිල් – මෛත්‍රී ජෝඩුවට එකට ඉඳලා ඇති වෙලා තිබෙන්නේ. ඒත් මේ විසුරේලා දෙන්නා කියනවා, ‘අපේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන් ඉටු කරලා දෙනකන් තමුසෙලාට ඩිවෝස් වෙන්න බැහැ. කාමර දෙකක හරි ඉඳලා අපේ වැඬේ හරියට කරපල්ලා’ කියලා. මේ විධායක ජනාධිපති හා අගමැති එකට තියාගෙන කරගන්න තව වැඩ තියෙනවානේ. ඒ ටික කරගන්නකම් මේ දෙන්නා එකට තියා ගන්නයි මේ ‘විසුරේලාට’ උවමනා.
ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවන තෙක් එනම් 2019 ඔක්තෝබර් තෙක් අපි ඉතාමත් අවදියෙන් සිටිය යුතුයි. මේ අනතුර හොඳින් වටහා ගත යුතුයි. ලක්ෂ ගණනින් පාරට බැහැලා හරි මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍ය වුණොත් එදාට එ් දෙය හෝ සිදු කරමු. එහෙම සූදානම් වී ඉදිරියට යමු.”
එමෙන්ම වාර්තා වන අන්දමට මෙම විශ්වාසභංගයට සහයෝගය ලබා ගැනීම පිණිස සුලු ජාතික පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයන් හට එකඳු දුරකථන ඇමතුමක් හෝ ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කරේ නැති බව දැ දැන් ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් තැනින් තැන ප්‍රකාශ කරමින් යයි.
බැසිල්ගේ දේශපාලන උපදේශක චරිත හේරත් ද විශ්වාසභංගය විවේචනය කරමින් අදහස් පල කරනු ලැබුවේය..
“විශ්වාසභංගය” ඒකාබද්ධයේ අඳබාලකමක් – බැසිල්ගේ දේශපාලන උපදේශක චරිත හේරත්
ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් මේ අවස්ථාවේදී විශ්වාසභංගයක් තේරීම දේශපාලන අඳබාලකමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ අංශාධිපති ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.
ලංකාදීප පුවත්පතට සතිපතා කිවිදා දැක්ම’ නමින් ඔහු විසින් රචනා කරන තිරු ලිපියෙහි ඊයේ (06) පලවී ඇති සටහනින් ඔහු එබව පැහැදිලි කර ඇත.
“…මේ සටන මේ මොහොතේ නොකළා නම් වඩා හොඳ යැයි සිතීම සාධාරණ ය…” යනුවෙන් ඔහු සිය තීරු ලිපියෙන් අවධාරණය කරයි.
පොහොට්ටු පක්ෂයේ මහ මොලකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන දේශපාලන උපදේශකයකු ලෙස සැලකෙන ආචාර්ය චරිත හේරත් මහතාගේ තීරු ලිපියේ මෙසේද සඳහන් වේ.
“ ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් මේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ ඇයිදැයි ඇසීමෙන් දැන් එතරම් වැඩක් වෙන්නේ නැත. නමුත් දේශපාලන වශයෙන් මේ තෝරාගැනීම නිවැරදිදැයි යළිත් වරක් විමසා බැලීම අනාගතය පැත්තෙන් ඉතාමත් වැදගත් ය.
දේශපාලනයේ දී සටන් තේරිය යුත්තේ විරුද්ධවාදියාට වඩා තමන්ගේ ශක්තිය වැඩිකර ගැනීමේ අර්ථයෙන් මිස තමන් සතුව තිබෙන බලය අවුල්කර ගන්නා ආකාරයෙන් නොවන බව තේරුම් ගැනීමට විශේෂඥ දේශපාලන ඥානයක් අවශ්‍ය වන්නේ නැත.
අනෙත් අතට මේ විශ්වාසභංගය පන්නයේ දේශපාලන උපක්‍රම මගින් බලාපොරොත්තු වන ජයග්‍රහණ නොලැබී ගියහොත් හෝ එසේත් නැතිනම් ඒ උපක්‍රමය වැරදියට යෙදුනොත් දේශපාලනයේ ඇති විය හැකි පසු තත්ව තමන්ගේ පිලේ දේශපාලනය කරන හැමෝම අර්බුදයට යා හැකි නිසා එවැනි ආකාරයේ දේශපාලන උපක්‍රම තේරීය යුත්තේ ඉතාමත් පුහුණු දේශපාලන පරිචයකින් බව ඔවුහු පිළිගත යුත්තෝ ය.
අනෙක් අතට මේ ක්‍රියාදාමයෙන් පෙන්නුම් කරන්නේ හුදු තමන්ට සම්බන්ධ නැති බලවේගවල අවශ්‍යතාවලට අනුව දේශපාලන උපක්‍රම තේරීම්වලට සම්බන්ධ විය යුතු නැති බව ය.”
The post “විශ්වාසභංගයට එරෙහි වුන ඒකාබද්ධ විපක්ෂයේ තක්කඩි”- විමල්, එළිපිට යුද්ධය අරඹයි..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

0 Comments