Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නෝර්වේ මුහුදේ ගී ගයන තල්මසුන්

 නෝර්වේ මුහුද ආශ්‍රිතව ජීවත් වන බලීන් කුලයට අයත් බෝ හෙඩ් (bowhead) වර්ගයේ තල්මසුන් ඉතා වෙනස් සහ සංකීර්ණව ගී ගයන බව හෙළි වී තිබේ. එම සුවිශේෂී ලක්ෂණය හේතුවෙන් අනෙක් තල්මසුන් වර්ග සහ ක්ෂීරපායී සතුන්ට වඩා ඔවුන් වෙනස් ලෙස හඳුනා ගෙන ඇත.

ස්පිට්ස්බර්ජන් දුපත් ආශ්‍රිතව ජීවත් වන තල්මසුන් ගීත වර්ග 184 ක් ගායනා කරන බව වසර තුනක් පුරා කළ අධ්‍යයනවලින් හෙළි වූ බව පර්යේෂකයෝ පවසති. දවසේ පැය විසි හතර පුරා වැඩි වශයෙන් ශීත සෘතුවේ දී මෙම නාද මාලා ඇසිය හැකි බව ඔවුන් පවසයි. මෙම පර්යේෂණ වලට සම්බන්ධ වූ මහාචාර්ය කේට් ස්ටැෆර්ඩ් පවසන්නේ තල්මසුන්ගේ හෝඩියට අකුරු දහස් ගණනක් ඇති බව කිව හැකි බවයි.

හම්ප්බැක් තල්මසුන් එකම වර්ගයේ ගීත එක් සෘතුවක් පුරාවට ගායනා කළ ද බෝහෙඩ් තල්මසුන් ගේ ගීත පැයෙන් පැයට සහ දිනෙන් දිනට වෙනස් වන බව නිරීක්ෂණය වී ඇති බව වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂක මහාචාර්ය කේට් පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();