Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෝනර්ගේ තහනමෙන් පොඩි සනා ගොඩ යයි – IPL තරඟාවලියට කුසල් ජනිත් කැඳවයි!

අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිත IPL තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලෙන් ඩේවිඩ් වෝනර්ව ඉවත් කර තිබේ. එයට හේතුව වී ඇත්තේ පසුගියදා ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් තරඟය අතරතුර දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකුට පන්දුව පලුදු කිරීමට කණ්ඩායමේ නායක ස්ට්වි ස්මිත් සහ ඩේවිඩ් වෝනර් උපදෙස් දී ක්‍රිකට් ක්‍රීඩාවේ ජිව ගුණයට බරපතල කැළැල්ලක් එක කිරීමේ සිද්ධිය හේතුවෙනි.

කෙසේ නමුත් මෙම අඩුව පිරවීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් ඔවුන්ගේ කණ්ඩායමට අහිමු වූ ප්‍රහාරාත්මක පිතිකරුවාට ආදේශයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තම කණ්ඩායමට ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

තවමත් මෙය තහවුරු වී නොමැති නමුත්, බොහෝ දුරට හෙට අනිද්දාම කුසල් ජනිත් පෙරේරා සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් මිලදී ගනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය පවසයි.

කුසල් ජනිත් පෙරේරා පසුගියදා නිමාවු නිදහස් කුසලාන තරගාවලියේ වැඩිම ලකුනු ලාභියා වු අතර කලකට පසු පිටියට පැමිණ දැක්වු දස්කම් විචාරකයින්ගේ මහත් ප‍්‍රසංශාවට ලක්විය
වෝනර් හා ස්මිත් IPL තරගාවලියෙන් ඉවතට
නව ක‍්‍රීඩක ආදේශකයක්!
මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වින ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් හට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 11වැනි තරගාවලියට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය සේවා අනාවරණය කර ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ බව පවසා ඇත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කමිටුව විසින් දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත මෙම ක්‍රීඩකයන් දෙදෙනාට මාස දොළහක තරග තහනමක් පැනවීමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධව ඉන්දීය ප්‍රිමියර් ලීග කොමසාරිස් රජීව් ශුක්ලා පවසා ඇත්තේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රීඩා කරන කණ්ඩායම් වෙත වෙනත් ක්‍රීඩකයන් ආදේශ කරවන බවයි.

මෙම පුවත සැළවීමට පෙරාතුව ඩේවිඩ් වෝනර් විසින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් නායකත්වයෙන් ඉල්ලා අස්වූ පුවත වාර්තා විය.

වෝනර් හයිද්‍රාබාද් කණ්ඩායම 2016 වසරේදී කුසලානය කරා මෙහෙයවූ අතර 2015 සහ 2017 වසරවලදී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය.

මින් දින දෙකකට පෙර ස්ටීවන් ස්මිත් දරන්නට නියමිතව සිටි රාජස්ථාන් රෝයල්ස් නායකත්වයද ආජිනක්‍යා රහානේ හට පවරනු ලැබීය.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් මාස නමයක තරග තහනමකට ලක්වූ බැන්ක්‍රොෆ්ට් දකුණු අප්‍රිකා ටෙස්ට් තරගය අතරතුර බෝලය පළුදු කිරීමේ වරදට හසුවීඹත් සමග, එය නායකත්ව මණ්ඩලයේ වරදක් ලෙසින් ස්ටීවන් ස්මිත් පිළිගැනීමත් සමග මෙම වාතාවරණය උදා විය.



from Gossip Lanka News & Video https://ift.tt/2Gi98ht
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();