දකුණු කොරියා ජනාධිපති
ඇමෙරිකාව සංවාද සඳහා බාධක අවම කළ යුතු බව දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් පවසයි. මේ වන විට ඒ සඳහා උතුරු කොරියාවෙන් සංඥාවක් ලැබී බව අවධාරණය කරන ඔහු දෙරටම පවත්නා සීමා ලිහිල් කළ යුතු බව සඳහන් කරයි.
දකුණු කොරියා ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඇමෙරිකා ජනාධිපතිවරයාගේ දියණිය මෙන්ම උපදේශකවරිය ද වන ඉවන්කා ට්‍රම්ප් සහ උතුරු කොරියාවේ සහ චීනයේ ඉහළ පෙළේ නිළධාරින් සමග වෙන වෙනම පවත්වන ලද සාකච්ඡා වලින් පසුවයි. ඇමෙරිකාව සහ උතුරු කොරියාව මුහුණට මුහුණ අසුන් ගෙන සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව මූන් ජේ- ඉන් වැඩි දුරටත් සඳහන් කරයි. එසේම ජපානය සහ රුසියාව ද ඇතුළු සහ පාර්ශ්වික සාකච්ඡා වකට අවතීර්ණ වීම වඩා ඵලදායි බව ඔහු අවධාරණය කරයි.
කෙසේ වුවත් එළැඹෙන අප්‍රියෙල් 01 වැනිදා දකුණු කොරියාව සහ ඇමෙරිකාව ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීම පිළිබඳ උතුරු කොරියාව පසුවන්නේ සතුටකින් නොවේ.
0 Comments