ඇමෙරිකාවෙන් චෝදනා
උතුරු කොරියාව විසින් රසායනික අවි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සිරියාවට යවන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. මීට ඇසිඩ් වලට ඔරොත්තු දෙන උළු, පයිප්ප සහ වෑල්ව් ඇතුළත් බව සඳහන් වේ. එක්සත් ජාතීන් විසින් මෙතෙක් නිකුත් නොකරන ලද වාර්තාවට අනුව ප්යොන්ග්යැන්ග් හි මිසයිල විශේෂඥයන් විසින් සිරියාවේ අවි නිෂ්පාදන පහසුකම් නිරීක්ෂණය කර ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි.
මේ සඳහා උතුරු කොරියාව විසින් ප්‍රමුඛ සමාගම් ගණනාවක් හරහා ගෙවීම් ද සිදු කර ඇති බව එම වාර්තා පෙන්වා දෙයි . 2016 අග භාගයේ සහ 2017 වසර ආරම්භයේ දී චීන සමාගමක් හරහා සිරියාවට නැව් ගත තොග පහක් පමණ යවා ඇති බව හෙළි වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වන විට උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන් හේතුවෙන් ජාත්‍යන්තර සම්බාධක පැනවෙමින් පවතී.
0 Comments