* මීටර් 18ක් උසයි
* ටොන් 25ක් බරයි
* මල් පැළ ලක්ෂයකට වඩා යොදාගනී ගිනස් පොතටත් යයි
ඩුබායි මිරැකල් උද්‍යානයේ විවිධ ශාක වර්ග යොදා ගනිමින් ලොව උසම මිකී මවුස් නිර්මාණය කර තිබේ. මෙය ගිනස් ලෝක වාර්තාවක්ද වන බව වාර්තා වේ.
විවිධ වර්ගවලට අයත් අලංකාරවත් මල් හටගන්නා ශාක 100,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණයට යොදාගෙන ඇත.
ටොන් 7ක බරින් යුත් ආධාරකයක් සහ ටොන් 50ක් බර කොන්ක්‍රීට් පාදමක් මත නිර්මාණය කර ඇති මෙම මිකී මවුස් ගේ උස මීටර් 18ක්ද බර ටොන් 25ක් ද වේ.
ඩුබායි මිරකල් උද්‍යානය මිකී මවුස් හයකට වැඩි ප්‍රමාණයක් නොවැම්බර් මාසයේදි නිර්මාණය කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත්තේ වෝල්ට් ඩිස්නි සමාගම සමගිනි.
0 Comments