Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එල්ලේ ක්‍රීඩාව ගොඩගන්න දිස්ත්‍රික් සංගම්වල පිහිට පතයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

පසු බැසීමට ලක්ව ඇති එල්ලේ ක්‍රීඩාව නැංවීම උදෙසා දිස්ත්‍රික් එල්ලේ සංගම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ අවධානය යොමු වෙයි. මෙයට වසර ගණනාවකට පෙර දිස්ත්‍රික් එල්ලේ සංගම් ක්‍රීඩාවේ දියුණුව උදෙසා සක්‍රීය දායකත්වක් ලබාදී ඇති හෙයින් එම තත්ත්වය නැවැත වර්ධනය කර ගැනීම සම්මේලනයේ බලාපොරොත්තුවවී තිබේ.

දිස්ත්‍රික් එල්ලේ සංගම් හරහා එල්ලේ ක්‍රීඩා සමාජ බිහිවීම වේගවත් කිරීමත්, එයින් ග්‍රාමීය මට්ටමේ එල්ලේ තරග වැඩි කිරීමටත් සැලසුම් සකස් කෙරේ. සෑම එල්ලේ ක්‍රීඩා සමාජයක්ම දිස්ත්‍රික් සංගම් හරහා එල්ලේ සම්මේලනයේ ලියාපදිංචි කිරීමට කටයුතු කිරීමට අපේක්ෂ කෙරේ. එබැවින් එල්ලේ ක්‍රීඩාව දියුණු මට්ටමකට ගෙන ඒම උදෙසා දිස්ත්‍රික් එල්ලේ සංගම්වල ක්‍රියාකාරීත්වය ඉතා ප්‍රයෝජනවත් බව එල්ලේ සම්මේලනයේ බහුතරයකගේ මතයවී ඇත.

දැනට පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සම්මේලනය පමණක් ක්‍රියාත්මක මට්ටමේ ඇති අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් දිස්ත්‍රික් එල්ලේ සංගම් අඩපණවී ඇත. එම අක්‍රීය තත්ත්වයේ ඇති දිස්ත්‍රික් එල්ලේ සංගම් නැවැත ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටින අතර කුරුණෑගල දිස්ත්‍රික් එල්ලේ සංගමය ඉදිරි සති දෙක තුළ පිහිටුවීමට කටයුතු යොදන බව සම්මේලනයේ ප්‍රකාශකයකු ‘දිනමිණ’ ට පැවැසීය.

අර්බුදකාරී එල්ලේ පරිපාලනය නිමාවට පත්කරමින් නව නිලධාරී මඩුල්ලක් එල්ලේ සම්මේලනයට පත්ව ඇති හෙයින් එල්ලේ ක්‍රීඩාවට ප්‍රබෝධයක් ලැබෙනු ඇතැයි ක්‍රීඩා සංගම්වල විශ්වාසයවී තිබේ. ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති ලෙස සහන් ප්‍රදීප් මහතා තේරී පත්වූ අතර ලේකම් තනතුරට සිරිල් පෙරේරා මහතා පත්වුණි. එල්ලේ සම්මේලනයේ මහා සභාව ලබන අප්‍රේල් මස 7වැනිදා කඩවත ගණේමුල්ල ප්‍රදේශයේ පැවැත්වෙන අතර එහිදී දැනට පුරප්පාඩව පවතින ජ්‍යෙෂ්ඨ උප සභාපති හා භාණ්ඩාගාරික යන තනතුරුවලට සුදුස්සන් තෝරා ගැනීම එදින සිදු කිරීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරට එල්ලේ සම්මේලනයේ කලක් හිටපු ලේකම්වරයකු ලෙස කටයුතු කළ අජිත් සිල්වා මහතා නාමයෝජනා ඉදිරිපත් කොට ඇති අතර භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා 2ක් ඉදිරිපත්ව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();