Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාන්තුවරයන්ගේ සංග්‍රාමයේදී ඩැනියෙල්ට ශතකය අහිමි වෙයි

කොළඹ සාන්ත ජෝශප් විදුහල සහ සාන්ත පීතර විදුහල අතර 84 වැනි වරට පැවැත්වෙන ‘සාන්තුවරයන්ගේ සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත ජෝශප් පිල පළමු ඉනිමට ලකුණු 195ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සාන්ත පීතර විදුහල දිනය නිමාවනවිට කඩුලු 6ක් දැවී ලකුණු 190ක් රැස්කර තිබිණි. සමිත් ප්‍රනාන්දු ලකුණු 58ක් හා රන්මිත් ජයසේන ලකුණු 55ක් ඉනිමට එක් කළහ.

පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත පීතර නායක සන්තුෂ් ගුණතිලකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සා.ජෝශප් පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කිරීමට ජෙහාන් ඩැනියල් සමත් විය. ඔහු අව­ාසනාවන්ත ලෙස දැවී යනවිට ශතකයට අඩුව තිබුණේ ලකුණු 7ක් පමණි.

පන්දු යැවීමේදී සචින් සිල්වා ලකුණු 24කට කඩුලු 3ක් දවාගත් අතර අමීන් මිෆ්ලාන් කඩුලු 2ක් බිඳ දැමීය.

අද තරගයේ අවසන් දිනයයි.

ඡායාරූපය - සුසන්ත විජේගුණසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();