බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල වන අන්තර් බන්ධනාගාර මලල ක්‍රීඩා උළෙල අද (03) සහ හෙට (04) දිවයිනේ බන්ධනාගාරවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.
ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූලව ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද එකම බන්ධනාගාරය වන අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩා සංකීර්ණයේ පවත්වන ප්‍රථම ක්‍රීඩා වැඩසටහන මෙන්ම අන්තර් බන්ධනාගාර ක්‍රීඩා තරඟ සඳහා වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි වන ක්‍රීඩා තරගාවලිය මෙය ලෙස සැලකේ. මීටර් 100, 200, 400, 800, 100 සහය දිවීම, 110 කඩුලු පැන දිවීම, දුර පැනීම, උස පැනීම, යගුලිය කවපෙත්ත, හෙල්ල ආදී සියලු ජවන හා පිටිය තරඟ ඉසව් සඳහා පිරිමි සහ කාන්තා විවෘත, වයස 35-39, 40-44, 45-49, 50-54, 55-59 ආදී කාණ්ඩ යටතේ තරග පැවැත්වේ.
බන්ධනාගාර නිලධාරීන් හා නිලධාරිනියන් හට නීතිමය වශයෙන්ම සමාජයෙන් වෙන්වී තිබෙන පරිසරයක රාජ්‍ය සේවයේ නිරතව සිටීමට සිදුවීම තුළ ඇතිවන මානසික ආතතිය දුරලීම මේ ක්‍රීඩා තරගාවලියේ බලාපොරොත්තුව බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ක්‍රීඩා ලේකම් හා වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහතා පැවසීය.
ආරක්‍ෂාව සැලසීම, ආරක්‍ෂණය කිරීම රාජකාරී වගකීම් වන තත්ත්වයක් තුළ ශාරීරික යෝග්‍යතාවය සුරැකිව තබා ගත යුතුව ඇති බැවින් ද, බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා කටයුතු සඳහා නිලධාරීන් යොමු කරවීම පිණිස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා සංගමය ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව විවිධ වූ ක්‍රීඩා සඳහා තම දක්‍ෂතා ඔපවත් කර ගනිමින් අන්තර් සමාජ, රාජ්‍ය සේවා හා සමස්ථ ලංකා තරග සඳහා ඉදිරිපත් වෙමින් ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර තරග සඳහා අවස්ථාව ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් ඒකනායක මහතා පැවසීය.
ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක
0 Comments