Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුවන් පාපැදි සවාරියේ පළමු අදියරේ ජය වරායේ සංගීත්ට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව ශ්‍රි ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව 19 වැනි වරට සංවිධාන කළ ගුවන් හමුදා පාපැදි සවාරිය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ විය. කි.මී.124.9ක දුරකින් යුත් තරගයේ පළමු අදියර ඊයේ පුත්තලමෙන් නිමාවට පත්වූ අතර එම අදියර ජය ගැනීමට වරාය අධිකාරියේ සංගීත් හසන්ත සමත් විය. යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ සංජීව කුමාර දෙවැනි ස්ථානය අත්කරගත් අතර පොලිස් ක්‍රීඩා සමාජයේ සුදීර නිලංග තෙවැනි ස්ථානයටත් පත් විය.

තරගයේ දෙවැනි අදියර අද (3) පාලවි සිට හිඟුරක්කොඩ දක්වා පැවැත්වෙන අතර එහි දුර කි.මී.172.6කි. තරගය හෙට (4) අම්පාර ගුවන් හමුදා කඳවුර අසලින් නිමාවට පත්වීමට නියමිතය. මීට සමගාමීව සංවිධාන කළ කාන්තා තරගයද හෙට පැවැත්වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();