Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සැතපුම් 2 මුහුදු පිහිනුම් තරගාවලිය ගල්කිස්සේ දී

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය 81 වැනි වරට සංවිධාන කරන සැතපුම් 2 මුහුදු පිහිනුම් තරගාවලිය අද (3) සහ හෙට (4) දෙදින ගල්කිස්ස මහ හෝටලය අසල මුහුදු තීරයේදී පැවැත්වේ.

මොබිටෙල් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන මේ තරගාවලියේදී පිරිමි විවෘත (අවුරුදු 40 ට වැඩි), කාන්තා විවෘත, අවුරුදු 15න් පහළ පිරිමි හා කාන්තා තරග ඉසව් පැවැත්වෙන අතර ගුරුවරුන් වෙනුවෙන් කිලෝමීටර් 1 තරගයක්ද පැවැත්වීමට නියමිතය. එහිදී තරගකරුවන් එච්.පී.එන්. අභියෝග කුසලාන පිරිමි, අන්තර් සේවා කුසලාන සහ අවුරුදු 15න් පහළ විශිෂ්ටතා කුසලාන-හොඳම කාර්යසාධනය යන අංශ ඔස්සේ තරග වැදීමට නියමිතය.

විවෘත තරගයේ ජයග්‍රාහකයාට හා ජයග්‍රාහිකාවට වටිනා ජංගම දුරකථන ලබාදීමට මොබිටෙල් සමාගම කටයුතු කරන අතර පළමු ස්ථානයේ සිට විසිවැනියා දක්වා ජයග්‍රාකයන්ට ත්‍යාග පිරිනැමේ.

පසුගිය වසරේ පැවැති මේ තරගාවලියේදී නාලන්දා විදුහලේ දිලංක ෂෙහාන් හා මහාමායා විදුහලේ උත්තමා ද සිල්වා ජයග්‍රහ හිමිකර ගැනීමට සමත් වූහ.

මෙවර තරගය සඳහා ඉල්ලුම්කරුවන් 1700ක් පමණ් ඉදිරිපත්ව සිටිති. ඉන් 1300ක් තරගකරුවන් වන අතර ක්‍රීඩිකාවෝ 400ක්ද එක්ව සිටිති.

මේ තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය, මොබිටෙල් ආයතනය හා ගල්කිස්ස හෝටලයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැති අතර එහිදී මොබිටෙල් ආයතනය විසින් තරගාවලියේ අනුග්‍රාහකත්වය පිරිනැමීමද සිදු විය.

මොබිටෙල් ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර ඉන්දික අමරසූරිය මහතා විසින් ජල ක්‍රීඩා සංගමයේ සභාපති මහින්ද ලියනගේ මහතා වෙත අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු. ජල ක්‍රීඩා සංගමයේ උප සභාපති දර්ශන ඩයස්, භාණ්ඩාගාරික චානක හසන්ත, ගල්කිස්ස හෝටලයේ නේවාසික කළමනාකාර හරින්ද වීරසිංහ හා ජල ක්‍රීඩා සංගමයේ තරග අධ්‍යක්ෂ අසංග වරුසවිතාන මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූපය - විමල් කරුණාතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();