මහනුවර ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට දායකවූ පිරිස් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හඳුනා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.
පූජනීය ස්ථාන,ව්‍යාපාරික ස්ථාන,නිවාස හා මෝටර් රථ 465ක පමණ ප්‍රමාණයක් පහර දීම් ගිනි තැබීම් හේතුවෙන් විනාශයට පත්ව තිබෙන අතර ඒ ආශ්‍රිත සී.සී.ටී.වී කැමරා දර්ශන පොලීසිය මේවන විටත් පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත.
ගැටුම්වලට සම්බන්ධවූ හා ඒවාට සහාය දැක්වූ පුද්ගලයන් 161 දෙනකු ඊයේ (12) වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ව්‍යාපාරික ස්ථාන හා නිවාසවලට හානි කිරීමෙන් පසු ඇතැම් පිරිස් භාණ්ඩ මංකාල්ලකා තිබෙන බවටද තොරතුරු අනාවරණයවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන්ද පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

0 Comments