ආනමඩුවේදී පෙරේදා වෙළෙඳ සලක් ගිනිතබා විනාශ කර එම ප්‍රදේශයේ ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට කළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ දේශපාලනඥයකුගේ හිතවත් සැකකරුවන් දසදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් පිරිස පොහොට්ටුව දේශපාලන පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගේ හිතවතුන් පිරිසක් බවයි.
මේ පිරිස මෙසේ එම වෙළෙඳ සලට ගිනි තබා පලාගිය ආකාරය සම්බන්ධයෙන් පොලිසියට ඇසින් දුටු පුද්ගලයන්ගෙන් තොරතුරු ලැබී තිබුණි.
එම සාක්ෂි මත සැකකරුවන් දසදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ගිනි තැබීමට අදාළව තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
පසුගියදා (11) අලුයම ආනමඩුව නගරයට ආසන්නව පිහිටි එම වෙළෙඳ සලට ගිනි තබා තිබුණි. එම පළාතේ සිංහල පිරිස වහා එකතුවී ගින්න නිවා දමුවද ගින්නෙන් වෙළෙඳ සලට බරපතළ ලෙස හානි සිදුවී තිබුණි.
පසුව දෙපාර්ශ්වයම එකතුවී පෙරේදා පස්වරු වනවිට එනම් පැය 24ක් යාමටත් පෙර එම වෙළෙඳසල තිබූ තත්ත්වයටත් වඩා හොඳ තත්ත්වයට ගෙන එමින් අලුත්වැඩියා කර තිබුණි.
ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා ද ආනමඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ ප්‍රජා පොලිස් නිලධාරීහු සහභාගිවී සිටියහ.
(ඡායාරූපය අන්තර්ජාලයෙනි)

0 Comments